Language Switcher

Ad

Ad 01

V2025

පෙට්‍රල් ආනයනයට දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් !

පෙට්‍රල් ආනයනය කිරිම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට අමාත්‍ය  මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.  

ඒ අනුව ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට 2020 මැයි 31 වැනිදා දක්වා මාස 8ක කාලයක් තුළ පෙට්‍රල් බැරල් නව ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට පිරිනැමීමට මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට පිරිනැමීමට තීරණය කර තිබේ.