Language Switcher

V2025

රැස්කර නොගත් බදු : රු මිලියන 30095ක් !

2018 දෙසැම්බර් 31 වන විට රැස් කර ගත හැකි එහෙත් රැස්කර නොගත් හිඟ බදු ප්‍රමාණය රුපියල් මිලියන  30095ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
 
එමෙන්ම බදු නොගවීම නිසා පැනවූ දඩවල හිඟය රුපියල් මිලියන 19,000 ඉක්මවයි. 2017 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට පැවති හිඟ බදුවල වටිනාකම රු. මිලියන 18.808හා සසඳා බැලීමේදී 2018 වර්ෂයේ හිඟ බදුවල ඉහල යෑම රු.මිලියන 11286ක් වේ.
 
2018 අවසන් වන විට වැඩිම හිඟ බදු ප්‍රමාණයක් වාර්තා වන්නේ එකතු කළ අගය මත බදු කාණ්ඩයේ වන අතර එහි වටිනාකම රු.මිලියන 14369කි. ආදායම් බදුවල ඇති හිඟය රු. මිලියන 7539ක් ලෙසද, ජාතිය ගොඩනැගීමේ බදු පැහැර හැරීම් රු. මිලියන 6107ක් ලෙසද වාර්තා වී ඇත. පොලිය මත රඳවා ගැනීමේ ආදායම් බද්දේ හිඟය රු.මිලියන 1293ක් ලෙස සටහන් වේ.
 
2018 වසරේදී තහනම් නියෝග නිකුත් කිරීමෙන් රු. මිලියන 71ක් ද නඩු පැවරීමෙන් මිලියන 50ක් ද වෙනත් ක්‍රියාමාර්ගවලින් මිලියන 350ක් ද බදු ලෙස රැස් කළ බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.
 
(රාවය)