Language Switcher

V2025

රුපියලේ ඉතිහාසගත වැටීමක් !

මේ සතියේ තෙවැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (19) ඉතිහාසගත ලෙස පහළ ගියේය.ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (19) 188.20 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 188.20ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 184.11ක් ලෙසත් දැක්විණි.

මහ බැංකුව සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 0.6%කින් අවප්‍රමාණය වී ඇති බවය.