Language Switcher

V2025

ලොව ගැඹුරුම පිහිනුම් තටාකය පෝලන්තයේ

ලොව ගැඹුරින් වැඩිම පිහිනුම් තටාකය ඉදිකිරීමට පෝලන්තය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ වන විටත් එහි ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින අතර මේ වසරේදී එය ජනතාව වෙනුවෙන් විවෘත කිරීමටද නියමිතව ඇත. ගැඹුරින් වැඩිම පිහිනුම් තටාකය ලෙස එය මීටර් 45ක් ( අඩි 148) ක් ගැඹුුරින් යුතුව ඉදිවන එය වෘත්තීය කිිමිදුම්කරුවන් සඳහා විශේෂ වේ.

එසේම මෙම පිහිනුම් තටාකය දිය යට ගුහා සහ නෙරුම් වලින් යුතුව නිමවීමටද ඔවුන් අපේක්ෂා කරයි. ජලය කියුබික් මීටර 8000ක් පමණ එහි ගබඩා වනු ඇතැයිද ඔවුන් පවසයි.