Language Switcher

V2025

මාලි ක්‍රිකට් පිටියට සමුදෙයි

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ජුලි 26 දායින් ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් පසුව ලසිත් මාලිංග එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

කෙසේ වුවද මේ පිළිබඳව අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මැල් ලසිත් මාලිංග එම තරගාවලියේ තරග තුනම ක්‍රීඩා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසා ඇත.

ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට වඩා ඉදිරඑියට පැමිණී ශ‍්‍රි ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි ඇති ඉදිරි තරගාවලිය ජයග්‍රහණය කර අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑමට අවශ්‍ය හෙයින් මාලිංගගේ කණ්ඩායමට අත්‍යාවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුවද ඒ සදහා මාලිංග තිවමත් ප‍්‍රතිචාර දක්වා නොමැති අතර මාලිංගගේ තීරණය මත ඉදිරි කටයුතු සිදුවනු ඇත.