Language Switcher

V2025

කුසුම් පීරිස් දිවි සැරියට සමුදෙයි !

ප්‍රවීණ ගේය පද රචනා ශිල්පිනියක මෙන්ම ජනප්‍රිය නිවේදිකාවක් වන කුසුම් පීරිස් මහත්මිය අභාවප‍්‍රාප්ත වී ඇත.

කලක් රෝගාතුරව පසුවූ ඇය, නිවසේ සිට රෝහලක් කරා රැගෙන යමින් සිටියදී ඊයේ (21) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වූ බව දැනගන්නට තිබේ.

අසුරු සැනින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් ?, සිතුවිලි සිරවී හදවත පතුලේ , ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ ඇතුළු ජනපි‍්‍රය ගී පද රචනා රැසක් කුසුම් පීරිස් මහත්මිය විසින් මෙරට කලා ක්ෂේත‍්‍රයට දායාද කර ඇත.

ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ප‍්‍රසාදයට පත්විය.

අභවප‍්‍රාප්ත කුසුම් පීරිස් මහත්මිගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර ඇගේ අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කරන බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කර සිටියි.