Language Switcher

V2025

විදුලි සංදේශ කුසලානය හච් (Hutch) කණ්ඩායමට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ක්‍රීඩා සංගමය සංවිධානය කල "2019 ක්‍රිකට් සැණකෙලිය" පසුගිය දා කොළඹ එන් සී සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.

විදුලි සංදේශ හා විකාශන ක්ෂේත්‍රයේ කණ්ඩායම් 08ක් මේ තරගාවලිය සඳහා සහභාගි වූහ.

විදුලි සංදේශ නියාමන කණ්ඩායම, ඩයලොග් කණ්ඩායම, ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම, මොබිටෙල් කණ්ඩායම, හච් කණ්ඩායම, ලංකා බෙල් කණ්ඩායම, සිත එෆ්එම් කණ්ඩායම, දෙරණ කණ්ඩායම මේ සඳහා තරග වැදුන අතර අවසන් තරගය ස ඳහා සුදුසුකම් ලැබූවේ ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම හා හච් කණ්ඩායමයි. අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර ලකුණු දෙකකින් හච් කණ්ඩායම ජයග්‍රහණය කටල් තරගයේ අවසන් පන්දුවේ දීය. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම අනු ශූරයින් බවට පත්විය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙයට සහභාගි විය.

01 Winners Team Hutch. ජයග්‍රාහී හච් කණ්ඩායම දිනූ කුසලාන සහිතව
02 Runners up Sri Lanka Telecom Team 1අනුශූරතාව දිනූ ටෙලිකොම් කණ්ඩායම

ඡායාරූප : බන්දුල සේනානායක - TRCSL Media