Language Switcher

Ad

Ad 01

V2025

සුජාතා අත්තනායකට ගෞරව ආචාර්ය උපාධියක්

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද සුජාතා අත්තනායක මහත්මිය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය පිරිනමන ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබා ඇත.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පසුගියදා පැවැත්වුණු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවයේදීයි අත්තනායක මහත්මිය මෙම ගෞරව ආචාර්ය උපාධියෙන් පිදුම් ලබන ලදී.

සංගීත් නිපුන්, මහාචාර්ය සනත් නන්දසිරි මහතා අතින් ඇයට මෙම උපාධිය පිරිනමා ඇත.