Language Switcher

V2025

රාජකීය තනතුරු ගැලවුණු සිනීනාත්ට යළිත් රාජකීය තනතුරු !

තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජු (Vajiralongkorn) විසින් මෙයින් වසරකට ආසන්න කාලයකට පෙර හිටි අඩියේම රාජකීය තනතුරුවලින් ඉවත්කරන ලද සිය වල්ලභ කාන්තාවක් වූ සිනීනාත් වොන්වජිරාපක්දි (Sineenat Wongvajirapakdi) යළිත් එම තනතුරුවල පිහිටුවා ඇත.

රජතුමා විසින් කලින් ඇය සතුව පැවති තනතුර සහ පදවි සියල්ල බදාදා (සැප්තැම්බර් 02) සිය හිටපු වල්ලභ කාන්තාවට යළි ප්‍රදානය කළ බව තායිලන්ත රජ මාළිගය මගින් නිකුත්කරන ලද ගැසට් පත්‍රිකාවක සඳහන් වෙයි.සිනීනාත් සතුව පැවති රාජකීය තනතුරු සියල්ල ඉවත්කරන ලද්දේ 2019 ඔක්තෝබර් මාසයේය. ඒ වනවිට ඇය තායිලන්ත රජතුමාගේ වල්ලභ කාන්තාවක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබ මාස කීපයක් ගතවුණා පමණි.

එපරිද්දෙන් ඇය සතුව පැවැති රාජකීය පදවිය සහ තත්වයන් ඉවත්කරනු ලැබීමට හේතුව හැටියට තායිලන්ත රජමාළිගය ප්‍රකාශයට පත්කරන ලද්දේ ''සිනීනාත් රජතුමාගේ අගබිසවට සමාන තත්වයකින් කටයුතු කිරීමට උත්සාහ කරනු ලැබීමට දඬුවමක් වශයෙන්'' එවැනි පියවරක් ගත් බවය.

සියවසකට ආසන්න දීර්ඝ කාලයක් තුළ, තායිලන්ත රජතුමාගේ බිරිඳට අතිරේකව ''හවුල්කාරියක්'' (a partner) යන යෙදුමෙන් හඳුන්වන ලද පළමු රාජකීය වල්ලභ ස්ත්‍රිය සිනීනාත් වන්නීය.

ඇය එකී පදවිවලින් පහකෙරෙන බව ප්‍රකාශයට පත්කරන ලද රාජකීය නිවේදනයෙහි ''ඇය රාජ්‍යත්වයට එරෙහිව යමින් අවනත නොවී කටයුතු කිරීම සහ වැරදි හැසිරීම'' සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කර තිබුණි.ඉන් අනතුරුව ඇය ප්‍රසිද්ධියේ දක්නට නොවූ අතර, ඇය ජීවත්වන්නේ කොතැනකද යන්න පවා තහවුරු නොවූ මට්ටමක පැවතුණි. ප

 114229983 a20dce30 3c0d 4cbf bb34 c608641f4aeaමූලාශ්‍රය,AFP/GETTYඡායාරූප ශීර්ෂ වැකිය,මහා වජිරලොංකොර්න් රජු සිය කාලයෙන් වැඩිහරියක් ජර්මනියේ ගතකරයි. ඔහුගේ සමස්ත දරුවන් සංඛ්‍යාව හත්දෙනෙකි.

රජතුමා විසින් ගන්නා ලද අළුත්ම ක්‍රියාමාර්ගයේ තේරුම "සිනීනාත් වොන්වජිරාපක්දි අවමානයකට පත් නොවී සිටීම'' යයි තායිලන්ත රජ මාළිගය විසින් නිකුත්කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් වෙයි.''සීනිනාත් ඇය සතුව පැවති යුදමය තනතුරු සහ රාජකීය පදක්කම්වලින් කිසිදාක ඉවත්කරන ලද බවක් මින් ඉදිරියට නොසැලකෙනු ඇත.''1985 වසරේ උපත ලබා ඇති සීනිනාත් උතුරු තායිලන්ත කාන්තාවකි. වජිරලොංකොර්න් ඔටුන්න හිමි කුමරා ලෙස පසුවෙන අවධියෙහි ඔවුන් මුණගැසෙන තෙක් ඇය හෙදියක්ව සිටියාය.

පසුව ශාරීරික ආරක්ෂක නිලධාරිනියක්, ගුවන් නියමුවරියක් සහ පැරෂුට් පනින්නියක් බවට පත්ව සිටි සීනිනාත් අවසානයෙහි රාජකීය ආරක්‍ෂක අංශයට එක්වූවාය.

2019 වසරේ දේ අය මේජර් ජනරාල් නිලයට උසස්කරනු ලැබුණි.2019 ජූලි මාසයේ දී ඇයට ''පළමු රාජකීය වල්ලභ උත්තමාවිය'' යන නිල නාමය පිරිනමන ලද්දේ වජිරලොංකොර්න් රජතුමා සිය සිව්වෙනි බිරිඳ හැටියට සුතිදා (Suthida) රැජින විවාහකර ගැනීමෙන් කෙටිකලකට පසුවය. සුතිදා ඒවනවිට රජතුමාගේ පෞද්ගලික ආරක්‍ෂක අංශයේ නියෝජ්‍ය නායිකාව වී සිටියාය.

එයින් මාස කීපයකට අනතුරුව, ඔක්තෝබර් මාසයේ දී සිනීනාත්ගේ රාජකීය තනතුරු සියල්ල හිටිඅඩියේ ඉවත්කරන ලද අතර, එදා එම තීන්දුව කෙරෙහි බලපෑ හේතූන් කවරේද? යන්න සම්බන්ධයෙන් පුළුල් මට්ටමින් අනුමාන පළවෙමින් පැවතුනි.එහෙත් සීන්නිනාත් එලෙස රාජකීය තනතුරුවලින් ඉවත්කිරීමට මෙන්ම එම තනතුරුවල ඇය යළි පිහිටුවීම කෙරෙහි තුඩුදුන් සැබෑ හේතුව කිසිදාක හෙළිදරව් නොවීමට ඉඩකඩ ඇත. ඊට හේතුව තායිලන්ත රජමාළිගයට අදාළ තොරතුරු අතිරහස්‍ය මට්ටමින් පවත්වාගෙන යාමේ සම්ප්‍රධායයි.තායිලන්ත රජතුමා විවේචනයට ලක්කරනු ලැබීම, අවමන් කිරීම එරට අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එම නීතිය උල්ලංඝනය කරනු ලබන්නන් බරපතල සිරදඬුවම්වලට යටත් කරනු ලැබෙයි.

 114229984 069dcb29 6269 4ccc a227 8ea342935167රජතුමා සුතිදා රැජින හිසෙහි ශුද්ධ ජලය ඉසිමින්

2019 වසරේ දී සිනීනාත් පදවිවලින් ඉවත්කරනු ලැබීම රජතුමාගේ පූර්ව භාර්යාවන් දෙදෙනෙකුට අත් ඉරණම යළි සිහි කැඳවීමක් ද විය. තායිලන්ත රජතුමාගේ දෙවැනි බිරිඳ 1996 දී ඉවත්කරන ලද අතර ඇය ඇමෙරිකා එක්සත් ජනපදයට පළා ගියාය.

එසේම ඇයට ඇය ලද පුතුන් සිව්දෙනා ද අහිමි කරනු ලැබුණි.බිරියන් හතරයි; දරුවන් හතයිරජතුමාගේ තුන්වෙනි බිරිඳ වූ ශ්‍රී රශ්මි සුවාදී (Srirasmi Suwadee ) 2014 වසරේ දී රාජකීය තනතුරුවලින් ඉවත්කරනු ලැබුණි.

අනතුරුව ඇය රජමාළිගයෙන් නෙරපා හරිනු ලද අතර එම තෙවන බිරිඳගෙන් ලද පුත්‍රයා රජු භාරයට පත් කෙරිණ. එම පුත්‍රයා ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ නතරකරමින් රජතුමා භාරයේ ඇතිදැඩි කරන ලදී.මහා වජිරලොංකොර්න් රජු සිය කාලයෙන් වැඩිහරියක් ජර්මනියේ ගතකරයි. ඔහුගේ සමස්ත දරුවන් සංඛ්‍යාව හත්දෙනෙකි.තායිලන්ත ගුවන් සේවයේ හිටපු උපස්ථායිකාවක් වූ වත්මන් බිරිඳ, සුතිදා රැජින (Queen Suthida) රජතුමා සමඟ වසර ගණනාවක් එකට කල්ගෙවන ආකාරය දක්නට ලැබුණ නමුත් රජු ඇය විවාහ කරගන්නා තෙක් ඔවුන්ගේ සම්බන්ධය නිල මට්ටමින් කිසිදාක පිළිගෙන නොතිබුණි.

රජතුමා සුතිදා රැජින විවාහ කරගනු ලැබීමෙන් පසුවත්, සිනීනාත් ඇයට පිරිනමන ලද රාජකීය පට්ටම් ඉවත්කර දමන තෙක්ම රජමාළිගයේ උත්සවවලට නිරන්තරයෙන් සහභාගි වෙමින් සිටියාය.සියවස් ගණනක් ඉතිහාසය පිරික්සනවිට තායිලන්ත රජවරුන්ට රටපුරාම බිරියන් හෝ වල්ලභ ස්ත්‍රීහු සිටියහ.

එහෙත් 1920 වසරින් පසුව, 2019 වසර වනතෙක් තායි රජකු සඳහා නිල මට්ටමින් පිළිගන්නා ලද වල්ලභ ස්ත්‍රියක් පත්කොට නැත.1932 වසරේ තායිලන්තය ව්‍යවස්ථාපිත රාජාණ්ඩුක්‍රමයක් බවට පත්කරනු ලැබීමෙන් පසු එවැනි තනතුරක් පිරිනමා නොතිබුණි.

බදාදා (සැප්තැම්බර් 02) මෙහි මුලින් කී රාජකීය නිවේදනය ප්‍රකාශයට පත්කෙරුණේ තායිලන්තයේ ආණ්ඩුවිරෝධී මහජන උද්ඝෝෂණ පෙරට යමින් පවතින අතරය.

2014 වසරේ සිදුවූ යුද හමුදා කුමන්ත්‍රණයක් මගින් එරට දේශපාලන ක්‍රමය අතික්‍රමණය කරනු ලැබ ඇත.රාජකීය ධනසම්පත් රජතුමාගේ පෞද්ගලික දේපොළ හැටියට ප්‍රකාශයට පත්කර ගැනීම සඳහා රජතුමා විසින් ගන්නා ලද තීන්දුවට එරෙහිව විරෝධතාවාදීහු අභියෝග කරති.

ඒ සමඟ තායි රජතුමා රටේ විශාලතම ධනහිමියා බවට පත්වීම වැළකුණි. එම ධනය මේදක්වා ජාතික මට්ටමින් පාලනය කෙරෙන්නේ මහජන ශුභසාධනය සඳහා යොදාගනු ලබන අරමුදලක් ලෙස පවත්වා ගනී.

බැංකොක් අගනුවර මූලස්ථාන කරගත් රටේ සියළු හමුදා සේනාංක තම පෞද්ගලික අණසක යටතට ගැනීමට මහා වජිරලොංකොර්න් රජතුමා විසින් ගන්නා ලද තීන්දුව සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුවී ඇත.

රටේ යුද හමුදා බලය රාජ්‍යත්වය අත සංකේන්ද්‍රගත වීම නවීන තායිලන්තයේ මින්පෙර නොවූ තත්වයකි.වජිරලොංකොර්න් තායිලන්ත කිරුල හිමිකර ගන්නා ලද්දේ ඔහුගේ ආදරණීය පියාණන් වූ භූමිපාල් අතුලතේජ් (Bhumibol Adulyadej) රජතුමා 2016 වසරේ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුවය.

භූමිපාල් අතුලතේජ් වසර හැත්තෑවක් සිහසුන දැරූ අතර, මරණයට පත්වන විට ඔහු ලෝකයේ ඒවනවිට වැඩිම කාලයක් රාජ්‍යත්වය දැරූ පාලකයා විය.

(බීබීසී )