Language Switcher

V2025

"පුරවර මාතර" කොරෝනා බිලිගනී,දේශපාලන බල අධිකාරිය මර නින්දේ !

ඓතිහාසික රුහුණේ අභිමානවත් පුරවර මාතර මේ මොහොත වනවිට අතිශය අවධානම් ඉතාමත් භයානක ලෙස Covid 19 වෛරස ව්‍යාප්තියක ස්වරූපයක් ඉස්මතු කරමින් ඇත. එය  ජන ජීවිතය බිලිගනිමින් තිබෙන අතර මේ මොහොත වනවිටත් දිස්ත්‍රික්කය පුරා සමස්ථ ආසාදිතයින් දහසකට ( 1000 ) ආසන්න වෙමින් පවතින අතර ඉකුත් දිනක එකම ආයතනය ආසාදිත 34ක් වාර්ථා විය. එමෙන්ම පවතින ව්‍යාප්ති වක්‍රය අනුව පාලිත තත්වයෙන් ගිලිහෙන මට්ට්මකටම ආසන්න වෙමින් පවතී….            

එසේම ප්‍රදේශයේ ජේෂ්ඨ මහජන පරීක්ෂකවරුන් ගේ නිරීක්ෂණ අනුව උද්ගත තත්වය ඇතිවීමට ප්‍රථම වලක්වාගත හැකි තත්වයක පැවති බවත් මේවන විට ඉතා දරුණු ලෙස පැතිරීම සිදුවන බවත් ප්‍රකාශ කලහ.             

එමෙන්ම තවමත් මේ වසංගත තත්වයේ දරුණු සමාජ පැතිරීම සමාජයෙන් සැගවීම හා සමාජගත වී නොමැති බව දිගින් දිගටම ප්‍රකාශ කිරීම ඉතා වැරදි පූර්වාදර්ශයක් බවත් ඒ හේතුවෙන් ජනතාව කෙරෙහි වෛරසයට තිබූ බිය හා සැලකිල්ල ගිලිහී යාම ප්‍රධාන හේතුව ලෙස ඔවුන් ප්‍රකාශ කරති. අකුරැස්ස හා කඹුරුපිටිය දැඩි අවධානමක..            

පවතින තත්වය තුළ අකුරැස්ස නගරය ඉත අවධානම් කලාපයක් වෙමින් පවතින අතර ඒ පිළිබදව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මනෝජ් සිරිසේන නිරන්තරයෙන් ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ මාතර ජනතාව දැනුවත් කරමින් සිටී…. එම දැනුවත් කිරීම් තුල ආණ්ඩුවේ අසාර්ථක බව ගැබ්වන ප්‍රකාශ ඔහු විසින් මාතර ජනතාවගේ නීරෝගී සෞඛ්‍ය හා ආරක්ශාව වෙනුවෙන් සමාජගත කරමින් සිටින අතර බහුතර පුරවර මාතර වැසියන් ඔහුගේ මැදිහත්වීමට සුභපැතුම් එක් කොට ඇත…      

එමෙන්ම පසුගිය දිනක කඹුරුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු සියලු දෙනාද නිරෝධායනයට නතු විය…

පුරවර මාතර පිහිටි විශ්ව විද්‍යාල පද්ධතියට අණතුරක සේයා? 

මාතර ඓතිහාසික නගරය කේන්ද්‍ර කොට පිහිටා ඇති රුහුණු විශ්ව විද්‍යාලය හා කඹුරුපිටිය කෘෂි විශ්ව විද්‍යාල පීඨයද පවතින තත්වය හමුවේ දැඩි අවධානම් සහගත බව මහජන සෞඛ්‍ය අංශද පෙන්වා දෙන අතර මෙවන් අවස්ථාවක විශේෂයෙන්ම විශ්ව විද්‍යාල කාර්‍ය මණ්ඩලය හා සිසුන් අතරට යම් හෙයකින් එක් ආසාදිතයකු හෝ සම්මුඛ උවහොත් එය අතිවිශාල පොකුරක් වනු නොඅනුමානය ….

එයට ප්‍රධානතම හේතුව අකුරැස්ස හා කඹුරුපිටිය නගරවල අධික අසාධිත ව්‍යාප්තියයි..           

අන්තර්ජාල පහසුකම් යටතේ නිවෙස් වල සිට රාජකාරී කටයුතු නොකිරීම හා සිසුන් ගේ දේශනද ඒ අයුරින් නොපැවැත්වීම මෙවන් ව්‍යසනකාරී අවස්ථාවක පුදුමය දනවන්නකි….. මාතර නගරය තුළ ඇති අවධානම…   

පසුගිය දිනක මාතර ආසිරි රෝහල තුල ආසාදිතයකු සංසරණය වීම තුල මාතර පුරපති රංජිත් යසරත්න විසින් ඉතා දූරදර්ශීව ක්‍රියා කල අතර එය බහුතර නගරවාසීන්ගේ පැසසුමට ලක්විය….           

තවද මාතර නගරය අතිශය කාර්‍යබහුල නගරයක් වීම තුල කොරෝනා අවධානම දැඩිවීමේ ඉඩකඩ හා අනාරක්ෂිත බව ඉහලය…...

කෙසේ වෙතත් මාතර මහජන පොල ආශ්‍රිත වෙළඳුන්ගේ සිදුකල පීසීආර් පරීක්ෂණ තුලින් ආසාදිතයින් වාර්ථා නොවුනත් ජනතාව දැඩි බියකින් පසුවන බවත් වෙනදා මෙන් ආහාරද්‍රව්‍ය මිළදී ගැනීමේ යම් බිඳවැටීමක් ඇති බව වෙළඳුන් ප්‍රකාශ කරති, එයට අධික භාණ්ඩ මිලද බලපා ඇති බව ඔවුන් පවසති.. 

තවද මාතර නගරයේ ප්‍රධාන දේශපාලන නියෝජිතයන් උද්ගත තත්වය පාලනය පිණිස සක්‍රීය මැදිහත්වීමක් දක්නට නොමැති අතර ඒ පිළිබද සමාජ මාධ්‍ය තුල බරපතල විවේචන එල්ල වෙමින් තිබේ…..               

සැබවින්ම ජනතාව දෛනිකව මුහුණ දෙන ආර්තික සාමාජීය හා සෞඛ්‍ය ගැටලු වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් නොමැතිවීම තුල මේ මොහොතේ ජීවිත අවධානමේ හෙළමින් සක්‍රීය සේවයක් ඉටුකරන මහජන සෞඛ්‍ය නිළදාරීන්ගේ සේවය විශිෂ්ඨ කැපවීමකින් සිදුවුවද මාතර දිස්ත්‍රික්කය ආවරණය කර ප්‍රායෝගිකව කොරෝනා ව්‍යසනයට මුහුණ දීමට ප්‍රමාණවත් පිරිස් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මනෝජ් සිරිසේන විසින් තම මුහුණු පොතේ සටහනක්ද තබා ඇත….

අභිමානවත් පුරවර මාතර වැසියන් ලෙස උද්ගත වසංගතයෙන් ආරක්ශා වී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් උපරිමයෙන් පිළිපදිමින් මෙම වෛරසය සමාජගත වී ඇති බවට ඔබේ සිහි නුවණින් වටහාගෙන කටයුතු කරමින් ඔබේ ලබැඳියන් ආරක්ෂා කරගැනීම ඔබේ යුතු කමත් වගකීමත් වනු ඇත…

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ 

ඉතාලිය