68වන පන්දු ඕවරය ක්‍රියාත්මක වෙමින් තිබියදී දැවී ගිය ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල !

68වන පන්දු ඕවරය ක්‍රියාත්මක වෙමින් තිබියදී දැවී ගිය ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල  !

වර්ෂ එකදහස් නවසීය පනස්තුනේ මාර්තු පළමුවන දින රඹුක්කන දී උපත ලද බන්දුල වර්ණපුර සිය දිවි සැරිය නිමා කරන විට 68වන වියේ පසුවිය.

ඔහු 1975 සිට 1982 දක්වා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරග හතරකට සහ එක්දින ජාත්‍යන්තර තරග 12 කට ක්‍රීඩා කළ අතර දකුණත් ආරම්භක පිතිකරුවෙකු මෙන්ම දකුණත් මැද වේග පන්දු යවන්නෙකු ලෙස තම සක්‍රීය දායකත්වය ක්‍රිකට් ක්‍රීඩාවට දායක කළේය…. එමෙන්ම ටෙස්ට් වරම් ලද ශ්‍රී ලංකා පළමු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඉසිලු බන්දුල වර්ණපුර පිත්තෙන් පන්දුවට පහර දී රැස්කළ පළමු ලකුණ මෙන්ම ප්‍රතිවාදී පිළට යැවූ ප්‍රථම ඕවරයේ ප්‍රථම පන්දුව ලෙස ක්‍රිකට් වංශකතාවේ ඉතිහාසයට එක්විය….

තණනිල්ල වර්ණවත් කළ වර්ණපුර ඉනිමෙන් බිඳක්…..

IMG 20211019 WA0010ශ්‍රී ලංකන් ක්‍රිකට් වංශකතාවේ බන්දුල වර්ණපුරයන් විසින් සිය මංගල ටෙස්ට් තරගය 1982 පෙබරවාරි 17දින එංගලතයට එරෙහිව ක්‍රීඩා කොට, සිය අවසන් ටෙස්ට් තරගය ලෙස එම වසරේම සැප්තැම්බර් මස 17වන දින ඉන්දියාව සමගින් ක්‍රීඩා කළේය. එමෙන්ම මංගල එක්දින තරඟය 1975 වසරේ ජුනි මස 7වන දින බටහිර ඉන්දීට කොදෙව් දූපත් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ අතර අවසන් එක්දින තරඟය 1982 වසරේ සැප්තැම්බර් 26දින ඉන්දියාව හා ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් විචාරකයකු,පරිපාලකයකු මෙන්ම කණ්ඩායම් පුහුණු කරුවකු ලෙස විශාල සේවාවක් සිදුකළ බන්දුල වර්ණපුරයන් දිවි සැරියේ 68වන පන්දු වාරය ක්‍රියාත්මක කරමින් සිටියදී, පාදයේ ඇතිවූ තුවාලයක් වෙනුවෙන් ශල්‍යකර්මයක් සිදුකොට අණතුරුව කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලොවින් සමුගත්හ.

බන්දුල වර්ණපුරයාණෙනි ඔබට සුභ ගමන්…….!

සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.