මේ දිනවල ලංකාවේ කතෝලික පල්ලිය මෙන් ම පන්සල ද අවි අමොරාගෙන විදි බැස උද්ඝෝෂණය කරන මාතෘකාවක් විදියට සමරිසිකත්වය නමැති මාතෘකාව හඳුන්වන්න පුළුවන්.
ඔවුන් පවසන්නේ මෙය අපේ රටේ සදාචාරයට සහ සංස්කෘතියට එරෙහි වැඩ පිළිවෙළක් කියල. එයාල කියන මේ සදාචාරත්වය සහ සංස්කෘතිය කියන කාරණය මේ ක්‍රියාදාමයට කිසි සේත් ම සම්බන්ධ නැහැ; ඒ පිළිබඳ ලියන්න අවශ්‍යත් නැහැ.

මේ දෙපාර්ශ්වය ම මේ ආකාරයට සමරිසිකත්වයට එරෙහිව නැගී සිටිය ට මේ සංස්ථා දෙක තුළ ම මේ කටයුත්ත ඉතා නිශ්ශබ්දව වුව ද දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවා; ඒ සම්බන්ධයෙන් විරෝධය පාන්නත් අපිට අයිතියක් නැහැ. නමුත් අනෙකාගේ අයිතියට එරෙහි වෙන්න මේ සංස්ථා දෙකට ම අයිතියක් නැහැ.
මතු පළ වන්නේ මේ සංස්තා දෙක විසින් දියත් කරනු ලබන විරෝධයට අතුල් පහරක්; ඒ නිසා ම තමයි මෙය උපුටා පළ කරන්න හිතුවේ.
* මහා ඇලෙක්සැන්ඩර් රජු - හෙෆෙස්ටියන් (ඔහුගේ ළමා වියේ මිතුරා සහ සේනාපති) සහ භගෝස් නම් නපුංසකයා
* හේඩ්‍රියන් අධිරාජ්‍යයා - ඇන්ටිනස් (ග්‍රීක තරුණයෙක්, පසුව දේවත්වයට පත් කරන ලදී)
* පළමුවන ජේම්ස් රජු - බකිංහැම්හි ආදිපාදවරයා (George Villiers) සහ ඊට පෙර Esmé Stewart (ලෙනොක්ස්හි ආදිපාදවරයා)
* ලියානාඩෝ ඩාවින්චි - Salai (Gian Giacomo Caprotti) සහ Francesco Melzi (ඔහුගේ කිට්ටුම ගෝලයන් සහ සහායකයින්)
* ඇලන් ටියුරින් - ආර්නල්ඩ් මරේ (මෙම සබඳතාව හේතුවෙන් ඔහුට නඩු පවරන ලදී)
* ශ්‍රීමත් ෆ්‍රැන්සිස් බේකන් - නමක් නිශ්චිතව වාර්තා වී නැත; ඔහුගේ කඩවසම් තරුණ සේවකයන් (pages) සමග සබඳතා පැවැත්වූ බවට සමකාලීන ලේඛකයන් චෝදනා කර ඇත.
* මයිකල් ආන්ජලෝ - ටොමාසෝ ද කවාලියරි (ඔහු වෙනුවෙන් මයිකල් ආන්ජලෝ හැඟීම්බර කවි රාශියක් රචනා කළේය)
* චයිකොව්ස්කි - ව්ලැඩිමීර් බොබ් ඩේවිඩොව් (ඔහුගේ බෑණා) සහ අයිසෙෆ් කොටෙක් (සංගීතඥයෙක්)
* දෙවන රාජසිංහ රජු - නම් වශයෙන් සඳහන් නොවන කඩවසම් තරුණ සේවකයන් සමඟ (රොබට් නොක්ස් ගේ වාර්තා අනුව)
* දුටුගැමුණු රජු - සුරනිමල (ඇතැම් විද්වතුන්ගේ අර්ථකතන අනුව)
* 7 වන බුවනෙකභාහු රජු (පෘථගීසි වාර්තා අනුව)
ප්ලේටෝගේ සිම්පෝසියම තුළ සමරිසි ප්‍රේමය විශමලිංගික ප්‍රේමයට මෙන් නොව ආධ්‍යාත්මික ප්‍රේමයක් බවත්, එය ග්‍රීක සමාජයේ සාමාන්‍ය දෙයක් බවත් දක්වා ඇත.
(Milinda Subhash)
උපුටා ගත්තේ මිත්‍යාවට එරෙහි Face පිටුවෙන්.
අවධාරණය අපෙන්

