ජනාධිපතිනියක යාචක කාන්තාවක් ලෙස...

ජනාධිපතිනියක යාචක කාන්තාවක් ලෙස...

මේ ඡායාරූපය දෙස හොඳින් බලන්න; පරණ ඇඳුම් ඇඳගෙන, පාර අයිනේ අසරණව වාඩි වී සිටින මේ කාන්තාව දුටු විට ඔබට සිතෙන්නේ කුමක්ද? ඇය යාචක කාන්තාවක් කියා ඔබට සිතෙනවා ඇති.

නැත... ඇය, තාර්යා හලෝනන් (Tarja Halonen) ය; වසර 2000 සිට 2012 දක්වා ෆින්ලන්තයේ ජනාධිපතිනිය ලෙස කටයුතු කළේ ඇය යි.

ෆින්ලන්තය ලෝකයේ හොඳම අධ්‍යාපනය, සෞඛ්‍ය සේවාව සහ යටිතල පහසුකම් ඇති රටක් බවට පත් කිරීමට ඇය නායකත්වය දුන්නා ය. නොකියා (Nokia) බඳු දැවැන්ත සමාගම් ලෝකය ජයගත්තේ ඇයගේ පාලන සමයේ දී ය.

එතරම් බලගතු නායකත්වයක් දැරූ ඇය, 2017 වසරේදී මෙලෙස යාචක කාන්තාවක් ලෙස වෙස්වළාගෙන වීදියේ කාලය ගත කළාය. ඒ, 'Salvation Army' නම් සමාජ සත්කාරක ව්‍යාපාරය වෙනුවෙනි.

ඇය එලෙස කළේ ඇයි?

සරණාගතයින් සහ දුප්පත්කමින් පෙළෙන මිනිසුන් විඳින වේදනාව ලෝකයට ඒත්තු ගැන්වීමට ඇයට අවශ්‍ය විය. ඇය පැවසූ මේ වචන මුළු ලෝකයේ ම අවධානය දිනා ගත්තේ ය.

"මම යාචකයෙක් හෝ සරණාගතයෙක් වෙන්න ඉඩ තිබුණා. නමුත් වාසනාව නිසා මම ජනාධිපතිවරියක් වුණා. දෛවයේ වාසනාව අහිමි වූ ඒ අසරණ මිනිසුන් ගැන මට ලොකු දුකක් දැනෙන්නේ ඒ නිසයි."

සැබෑ නායකයින් යනු බලයෙන් ඉහළට යන අය නොව, පොළොවට බැස සාමාන්‍ය මිනිසුන් ගේ හදවතට එබී බලන අය යි. ෆින්ලන්තය අද ලෝකයේ සතුටින්ම සිටින රට බවට පත්ව ඇත්තේ මෙවැනි මානුෂීය නායකයින් නිසා විය හැකි ය.

tarja2

 

උපුටා ගැනීම 'කාලීන ලිපි' සමූහයෙන්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න