උමා ශාක්‍ය නව කතාව ඇරඹෙන්නේම විවිධ සමාජ පරිසරවලින් පැමිණෙන, සංකීර්ණ ගතිපැවතුම් ඇති, තෝරාගැනීම් අතර අතරමං වන චරිත කිහිපයක් වටා ගෙතෙන ගෙතුමක් විදියටයි.
එලෙසම කතාව ඇරඹෙන්නේ සැප්තැම්බර් මස ඇද හැලෙන වස්සාන සමයත් සමගිනි. වැසි සමය අඳුරෙන්, සීතලෙන්, මීදුමෙන් පිරි වටපිටාවක් හිමි කාලයක් වන අතර, ඒ ඔස්සෙ ගැඹුරින් සිතන විට කතාව පිළිබඳ යම් කිසි ඉඟියක් පාඨකයාට ලැබෙන බව පෙනී යයි.
" අහස !ඔය තරම්ම වහින්නෙ ඇයි? මාත් එක්කම උඹත් අඬනවද?''
විසඳුම් නොසොයා ගැටලු සමග ඉදිරියට යෑමේ දී එය අපට මෙන්ම සමාජයට ද විසල් ගැටලුවක් වීමට ඉඩ ඇත. වැරදි අඩුපාඩු, ඝට්ටන බොහෝ සිදුවීමට ඉඩ ඇත. සැමවිට ම අප නිදහස් මනසක් සහිතව අපේ ගමන යා යුතු ය. යම් කිසි ගැටලුවක සිටින කෙනකුට එයින් ගැලවීමට ඇති හොඳම විසඳුමක් වන්නේ තමන්ව රිදවන පරිසරයෙන් සහ මිනිස්සුන්ගෙන් ඉවතට යෑම ය.
සමහර වෙලාවල් තියෙනවා අපට අවශ්‍ය උපදෙස් නෙමෙයි. වැලඳගැනීමක්. හිස තියා ගන්න උරහිසක්. අපිට ඇහුම්කන් දෙන්නෙක්. ඒ මොහොත කෙනෙක්ගෙ ජීවිතයට විසල් සැනසුමක් වේවී. ඒ ගෙවෙන මොහොත අපිට ජීවිතයක් රකින්න ලැබෙන අවස්ථාවක් වෙන්නත් පුළුවන්.

එය 43 වන පිටුවෙ ඇති.....
"ඔයා ඒ කතාව කියන්න ලෑස්ති නම්...,''
''මම ලෑස්තියි අහන්න.... මෙතන ඉන්නෙ ඔයයි මමයි විතරයි."
"මම කියන්නම් සර්....."
උමා ශාක්‍ය නව කතාවෙ මම ආසම දෙබස......
සේවාදායකයාගේ හිතේ තෙරපෙන හැඟීම් සමුදාය උපදේශකවරයාට පැවසූ විට එයින් සිතේ ඇති පීඩනය ඉවත් වේ. මෙහි දී වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබන්නේ ද එය යි. එලෙස ම ඔවුන් දෙදෙනා අතර ඇතිවන්නාවූ අවබෝධය සහ විශ්වාසනීයත්වය රැකීම මෙහි දිී ඉස්මතු වන ප්‍රධාන ආචාර ධර්මයකි. එය මනාව මෙහි සඳහන් කර තිබෙනවා.
ශාක්‍යාගේ හමුවීම සඳහන් කරමින් යන අතරම මෙහි අනික් ප්‍රධාන චරිත කතාව තුළට පිවිසේ. නමුදු ඔවුන් ගේ හමුව, සුන්දර හමුවක් නොවේ. මොවුන් කතාව වෙනස්ම මානයකට ගෙන යන්නේ පාඨකයාව කතාව තුළ තරමක අතරමං කිරීමක් ද සිදු කරමිනි.
නුවී ට අනුව ප්‍රේමය යනු සීමා මායිම් නොමැති හැඟීමකි. ඇය ආදරය කරන්නේ නැවත ආදරයක් බලාපොරොත්තු නොවී ය. තමන් ජීවත් වන පරිසරය කෙනකු ගේ ජීවිතයට කොතරම් බලපානවා ද යන්න හොඳින් විග්‍රහ වුණ නව කතාවක් ලෙස ශෘංගාරදනව්වේ උමා ශාක්‍ය කෘතිය හැඳින්වීමට හැකිය .
ඉක්බිති කර්තෘ, පේරාදෙණියේ සුන්දරත්වය පිළිබඳ මනා විවරණයක් සිදු කර ඇත. සොබා සුන්දරත්වය මැද සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ සිදුවන සිදුවීම් සමුච්චයක් පිළිබිඹු කර ඇත.

''......ඉනික්බිති ප්‍රේමවන්තයින්ගේ පාරාදීසයේ දි ඔවුන්ගේ ප්‍රේමය ඇරඹිණි.
දිනෙන් දින දලු ලා වැඩෙන ගසක් මෙන් යුවී - ශාක්‍ය ප්‍රේමය වැඩුණේ ඔවුනොවුන් ගෙන් මොහොතකට හෝ වෙන්ව සිටීමට ඉඩක් සිතට නොදෙමිනි.''
මෙම නව කතාවේ දී කතුවරයා විසින් මොවුන් පිළිබඳ විවිධ ඉඟි, විවිධ සංකේත ඔස්සේ ඉදිරිපත් කර ඇති ආකාරය අගනේ ය.
*වැහි සහිත අඳුරු කාලගුණය
*අක්බාර් පාලම
*ස්වභාවධර්මයේ සංසිද්ධි
*නිසොල්මනේ ගලා යන මහවැලිය
ඊට කදිම නිදසන් ය.
යුවේන්ගේ කඩවසම් බව නිසාම ශාක්‍යා මානසික ඝට්ටනවලට මුහුණ දුන්නා ය. නමුදු ශාක්‍යා ඔහුව අතිශය විශ්වාස කළා ය. ඒ නිසාම ඇයට ඔහු බලාපොරොත්තු වූ යම් යම් දෑ තේරුම් ගැනීමට නොහැකි විය. මන්ද ඔහුගේ ඇතුළාන්තය හඳුනාගැනීමට ශාක්‍යාට නොහැකි වීමයි.
බිනුර යුවේන් ගේ බොහෝ ප්‍රශ්නවල දී ඒවා විසඳා ගැනීමට ඔහුට උපකාර කළේ සැබෑ මිතුදමක් විදහා පාමිනි.
"ජොබ් එකට කලින් ජීවත් වෙන්න ට්‍රයි කරපන්."
''රෝහලෙන් පිටව යන දවසේ බිනුර යුවේන්ට කීවේය.
යුවේන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ සිදුවීම් ජාලය ඇතිවන්නට පටන් ගන්නේ ඒ උපදෙස යටතේ ජිවිතයට වෙනසක් සොයා ගිය ගමනේදිය.
එනම් කැලණියේ සංගීත ආශ්‍රමයයි.
සංගීතයට ප්‍රිය කල ඔහුට ආශ්‍රමයට ගිය දිනයේ දී ඇසුණේ තරුණියක ගැයූ ගීතයකි...
මා....
ශෘංගාර සිහිනේ
නුඹේ අතැඟිලි අතැර ගිය මේ
ශෘංගාර සිහිනේ ....
සුමුදු රළ පෙළ සමග පාවෙන
අතරමං වුණු කුඩා ඔරුවක
තනිව සරනෙමි නැතිව අදිටන්
ක්ෂිතිජයේ ඔබ ඇතැයි සිතමින්...''

උමාගේ චිත්ත අභ්‍යන්තරය පාඨකයාට එළිදැක්වෙන මොහොතක් ලෙස මේ අවස්ථාව පෙන්වාදිය හැකිය.
ඒ බව 244 පිටුවේ ඇය ලිවූ...
''දෙමළිචි පැටව් කිචි බිචි හඬ මහ සද්දේ
මගෙ හිත තරම් නැහැ කොතරම් වුව රොත්තේ
ආලවන්තකම් නැහැ නුඹලට හැඟුණේ
මං විතරයි ආදර මහිමය ලැබුවේ''
ඔහු දෙලොවක් අතර අතරමං විය. මේ වන විට ඔහු තියුණු පිහිතලයක් උඩ රැඳී සිටින්නෙකි. හිත චංචල තැනක බැඳීමක් රැක ගැනීම ම අභියෝගයකි. මොකද අහසක් වගේ වෙනස් වන මොහොත කොයි වෙලාවෙද කියලා අපිට අනාවැකි කියන්න පුලුවන් කමක් නැති නිසා... එතනදි දෙන්නගෙන් එක්කෙනෙක්ට තමන්ගෙ ඉවසීම වගේම දරා ගැනීම උපරිමෙන්ම ප්‍රගුණ කරන්න වෙනවා.
ඒත්... ඒ ඉවසීම, දරා ගැනීම කොතරම් දුරකට සාර්ථක ද? ප්‍රායෝගිකද..... ?
අවසානයේ කුමක් වේවිද?
ආදරේ ළඟදි වගේ ම හැඟීම් ළඟදිත් මිනිසුන් අසරණ වෙන අවස්ථා අනන්තයි. දරුවන්, දෙමව්පියන්, යුතුකම් සහ වගකීම්, ආගම්, කුල බේද, සංස්කෘතිය ,සදාචාරය වගේ කරුණු ඉස්සරහා බොහෝ ආදර කතා එමටයි.
සිග්මන් ප්‍රොයිඩ් පැවසුවාක් මෙන් මිනිසුන්ගේ යටි සිතේ ඇතිවන ජාගර සිතුවිළි එළියට ඒමෙන් සහ හැඟීම් පාලනයට ඇති අසමත්කම නිසා ඇතිවන ගැටලු බොහොමයක් විසඳුමක් නැති ප්‍රශ්න රාශියකට හේතුවක් වන බව ඉසුරු අංජුල පෙරේරා විසින් රචිත ශෘංගාර දනව්වේ උමා ශාක්‍ය නව කතාව ඔස්සේ පැහදිලි කරන සත්‍යයි.
සමාජයේ බොහෝ මිනිසුන්ගේ තිත්ත යථාර්ථය එළිදක්වන මෙම කෘතිය 18+ පාඨකයින්ට සමාජය පිළිබඳව, මිනිසුන් පිළිබඳව, ආදරය සොයා යමින් හෙම්බත් වන මිනිසුන් කොතරම් අසරණවීමකට ලක් වෙනවාද යන්න හඳුනා ගැනීමට අවස්ථාව සලසා දුන් කෘතියක් ලෙස හැඳින්වීමට හැකිය.
තවත් යථාර්ථවාදී නිර්මාණ රැසක් එළිදැක්වීමට ශක්තිය ලැබේවා !!!

සටහන - නිලක්ෂි බණ්ඩාර

