පුරුදු පරිදි ලංකා විදුලි බල මණ්ඩලය මෙවරත් 11.57% විදුලි ගාස්තු වැඩි වීමක් උපයෝගිතා කොමිසමින් ඉල්ලා ඇත.
2024 ජනාධිපතිවරණ කාලයේ දී පවතින ආණ්ඩුව දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ කලාපයේ අඩුම විදුලි බිල පවතින රට බවට පත්කරනවා යන්න යි. නමුත් එයට සාධනීය ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නැතැයි යන චෝදනාව නිරන්තරයෙන් පැන නගින්නකි. පවතින ආණ්ඩුව බලය ලබාගැනීමට පෙර විපක්ෂයේ දී සිදු කළ චෝදනාව වන්නේ විදුලිබිල වැඩි කිරීමට සිදු වී ඇත්තේ එම ආයතයේ සහ අමාත්‍යවරයා සිදුකරන අක්‍රමිකතා, දූෂණ සහ කොමිස් ගැසීම් නිසා බවයි. එම තර්කයට අනුව දැන් බිල වැඩි කිරීමට සිදුවී ඇත්තේ ද එම පදනමින් ද, එසේ නොමැතිනම් පරිපාලන අදක්ෂකම නිසා ද, දැන් මෙම බිල වැඩි වීමට අමාත්‍යවරයා ගේ කොමිස් ගැනීම හා සම්බන්ධයක් නොමැති ද?
දිගු ඉතිහාසයක සිට සිදු වන දෙයක්
හුදෙක් බාහිරින් මේ ප්‍රශ්නය දෙස බලන විට සාමාන්‍යයෙන් අපට ද හිතෙන්නේ මේ ආයතනයේ අතිවිශාල දූෂණ වංචා තොගයක් සහ අමාත්‍යවරයා ගේ ක්‍රියා කලාපය නිසා මෙම ආයතනය පාඩු ලබන බවයි. නමුත් ඉන් ඔබ්බට ගිය ගැඹුරු පරිපාලන සහ ආර්ථික කාරණා ගණනාවත් මේ පාඩුවලට හේතු වෙනවා. මෙම ප්‍රශ්නය මෙම ආණ්ඩුව පටන් ගත් එකක් නොවේ ඉතිහාසය පුරාවට ආණ්ඩු ගත් මෝඩ, දුර දිග නොබැලූ තීන්දු නිසා පාඩු පිට පාඩු ලැබූ මණ්ඩලය පවත්වාගැනීම විශාල ණය කන්දරාවක් ගෙන ඇත. බලය ලබාගැනීමට පෙර දෙන ඉතා ආකර්ෂණීය ජනප්‍රිය පෙරොන්දු ක්‍රියාත්මක කිරීමට යෑම නිසා මෙම ආයතනය දැවැන්ත පාඩු ලබන ආයතනයක් බවට පත්වී ඇත.
ඊට හේතු මතු දැක්වෙන පරිදි පෙළ ගැස්විය හැකි ය.
v කාලයක් තිස්සේ සිදුකරන ලද වැරදි මිලකරණය
v දේශපාලන පත්වීම් නිසා අනවශ්‍ය පිරිවැය
v සංකීරණ පරිපාලන ව්‍යුහය නිසා තීන්දු තීරණ ගැනීමේ අපහසුව
v විවිධ පාර්ශව වෙත ලබාදුන් සහනාධාර මිල
v ගිණුම්කරණයේ සහ පරිපාලනයේ ඇති දුර්වලතා
v ප්‍රතිව්‍යුහගතකරණයට ඇති ප්‍රමාදය
v අනවශ්‍ය ලෙස ගත් ණයවල පොලිය සහ වාරික ගෙවන්න සිදුවීම නිසා තාක්ෂණයට සහ යාවත්කාලීන කිරීමවලට ආයෝජනය කිරීමේ නොහැකියාව
v පෞද්ගලික අංශය හා ඒකාබද්ද නොවීම (ආයෝජන , තාක්ෂණය , පරිපාලනය)
බොල් සහ හිස් පොරොන්දු
ආයතනයක් විදියට යම් ප්‍රතිව්‍යුගතකිරීම් ප්‍රමාණයක් පවතින රජය සිදුකිරීම නියමිත වුව ද ඒවා ඉතා මන්දගාමී ස්වභාවයක් ගන්නවා. ඒ වගේ ම ආයතනයේ සේවකයින් එම ප්‍රතිව්‍යුහගතකිරීම්වලට දක්වන ප්‍රතිවිරෝධය ද මෙම ප්‍රතිසංස්කරණ ප්‍රමාදකරනවා . නමුත් 100%ක් ම රජය තුළ මෙවැනි විශාල ආයතන පවත්වා ගැනීම නුවණට හුරු නොවන අතර දිට්වා සුළි කුණාටුවෙන් ආර්ථිකයට සිදු වූ හානියට වඩා වැඩි හානියක් මෙවැනි ආයතන පාඩු ලැබීම මගින් සිදු වෙනවා. එමෙන්න ඉදිරි ආර්ථික ස්ථාරත්වයට සෘජු ලෙස මණ්ඩලය දායක වන අතර එය පාඩු බලන්නේ නම් නැතහොත් පාඩුව මකාගැනීමට බිල තව තව වැඩි කරමින් ජනතාව මත බර පටවන්නේ නම් නිෂ්පාදන අපනයන ආර්ථිකය ද ජනාධිපතිවරණ සමයේ ලබා දෙන බොල් හිස් පොරොන්දුවක් ම පමණක් වෙනු ඇත.
මැතිවරණයේ දී ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට නම්...
මණ්ඩලයේ 2024 මැද වාර්ථාවලට අනුව ආසන්න වශෙයන් රු බිලියන 673.4 වඩා වැඩි ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බවට ඇස්තමෙන්තු ගත කරලා තියනවා. 2025 පළමු කාර්තුවේ රු බිලියන 18 පාඩුවක් වාර්ථා කළ අතර 2025 මුල් මාස නවයක (ජන - සැප්) කාලයෙ දී සමුච්චිත ශුද්ධ පාඩුව රු බිලියන නවය ඉක්මවා යනු ඇතැයි ඇස්තමේන්තු ගත කරලා තියනවා. IMF වැඩසටහනේ එකඟතාවලට අනුව විදුලිබල මණ්ඩලයේ අඛණ්ඩ ලෙස පාඩු ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට නෙහැකි ය; එම නිසා මිල වැඩි කරමින් පාඩුව මකා ගත යුතු ය. මෙය විශම චක්‍රයකි; මෙය කඩා සැබෑ ලෙස මැතිවරණයට ලබා දුන් පොරොන්දුව සැබෑ කිරීමට නම්...
v දැනට සිදුකරන ප්‍රතිව්‍යුහගත කරණ වේගවත් කළ යුතුය
v 100% රජයේ තබා ගැනීමේ ඊනියා පසුගාමී අදහස අත් හැර පුද්ගලික අංශය සමග ඒකාබද්ද ක්‍රියාවලියකට යා යුතු ය
v විදේශ ආයෝජන ගෙන ඒමට අවශ්‍ය නීති වෙනස් කලයුතුය
v පුනර්ජනනීය බලශක්තිය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ දිරිගැන්වීම් සිදුකළ යුතු ය
v විධ ප්‍රාර්ශව වෙත ලබාදෙන සහනාධාර මිලකරණය නවතා ස්ථාවර, සැමට සමාන මිලකරණයක් තිබිය යුතු අතර විනිවිදභාවයෙන් යුත් මිල සූත්‍රයක් ක්‍රියාත්ම කළ යුතු ය
v off peak demand එක වැඩි කිරීම අවශ්‍ය දිරිගැන්වීම් සිදුකළ යුතුයි
v off peak demand, peak භාවිත කරන වේලාව අනුව මිලකරණය
v විදුලිය මිලදී ගැනීමේ දී spot market price වෙළදපොළ මිලකරණයට යොමුවීව
v පැහැදිලි විනිවිදභාවයෙන් යුතු නියාමනය
ඉදිරිගාමී ස්ථාවර ප්‍රතිසංස්කරණයන් නොමැතිව ''කාලපයේ අඩුම විදුලි බිල'' යනු රිලවකුට වුව ද කඩාකප්පල් කිරීමට හැකි බොරු පොරොන්දුවක් වනු ඇත.
වචන Janath perera

