පුහුණුවෙන් පසු IIT සිසුවෙකුට කෝටි දෙකහමාරක රැකියාවක්

පුහුණුවෙන් පසු IIT සිසුවෙකුට කෝටි දෙකහමාරක රැකියාවක්

ඉන්දියාවේ හයිද්‍රාබාද් ඉන්දීය තාක්ෂණ ආයතනයේ අවසන් වසරේ පරිගණක විද්‍යා ඉංජිනේරු ශිෂ්‍යයෙකු වන එඩ්වඩ් නේතන් වර්ගීස්, වසරකට රුපියල් කෝටි 2.5 ක වැටුප් පැකේජයක් සහිත රැකියා අවස්ථාවක් දිනාගෙන ඇත.

මෙය 2008 වසරේදී මෙම ආයතනය ආරම්භ කළ දා සිට ශිෂ්‍යයෙකුට ලැබුණු ඉහළම රැකියා දීමනාව ලෙසයි වාර්තා වී තිබේ.

වර්ගීස් මෙම අවස්ථාව ලබාගෙන ඇත්තේ නෙදර්ලන්තය පදනම් කරගත් 'ඔප්ටිවර්' නම් ගෝලීය වෙළඳ සමාගමෙනි.

ඔහු 2026 ජූලි මාසයේදී මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස එම සමාගමේ නෙදර්ලන්ත කාර්යාලයට සම්බන්ධ වීමට නියමිතය.

පසුගිය වසරේ 'ඔප්ටිවර්' සමාගමේ සති 2ක පුහුණුවක් සහ සති 6ක ව්‍යාපෘතියක් ඇතුළත් ගිම්හාන සේවා අභ්‍යාසලාභී වැඩසටහන නිම කිරීමෙන් පසු ඔහුට මෙම දීමනාව ලැබී තිබේ.

ඔහු සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වූ පළමු සහ එකම සමාගම මෙය වීම විශේෂත්වයකි.

හයිද්‍රාබාද්හි උපත ලැබූ ඔහු, 7 සිට 12 ශ්‍රේණිය දක්වා බැංගලෝරයේ අධ්‍යාපනය ලබා ඇත.

ඔහු 2022 JEE Main විභාගයෙන් සමස්ත ඉන්දීය මට්ටමින් 1100 වැනි ස්ථානය සහ JEE Advanced විභාගයෙන් 558 වැනි ස්ථානය ලබාගෙන තිබේ.

2025 CAT විභාගයෙන් 99.96%ක ප්‍රතිශතයක් සමඟ සමස්ත ඉන්දීය මට්ටමින් 120 වැනි ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් විය.

ඔහු ඉන්දියාවේ හොඳම ක්‍රමලේඛකයන් (Programmers) 100 දෙනා අතරට ද ඇතුළත් වේ.

මීට අමතරව, ඔහු IIT හයිද්‍රාබාද්හි වෘත්තීය සේවා කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් ශිෂ්‍ය කළමනාකරුවන් 8 දෙනෙකු සහ සම්බන්ධීකාරකවරුන් 250 කට ආසන්න පිරිසක් මෙහෙයවා ඇත.

තමා ලැබූ මෙම ජයග්‍රහණයට IIT හයිද්‍රාබාද්හි නම්‍යශීලී විෂය මාලාව බෙහෙවින් උපකාරී වූ බව වර්ගීස් පවසන බව එරට වාර්තාවල දැක්වේ.

 

 

(hirunews)

 

මුලාශ්‍ර :

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න