"මට ලේ පිසාචයෙකුගේ ගඳ දැනෙනවා" - හියුගෝ චාවේස් එක්සත් ජාතින්ගේ සැසියක දී...
ඉරාකයේ තෙල් සම්පත කොල්ලකෑම උදෙසා අමරිකාවේ බුෂ් සහ බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සමග කුමණ්ත්‍රණයක් දියත් කරමින් සදාම් හුසේන් විසින් ජෛව රසායනික අවි නිපදවා ඇති බවට චෝදනා කළේ ය. එකී. චෝදනාවට පිටුපා ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අයුක්ති සහගත ලෙස ඉරාකය ආක්‍රමණය කළ අතර ඉහතකී චෝදනාව ද පසුව පුස්සක් බවට පත්විය. තෙල් වෙනුවෙන් ලේ සෙලවූ ඇමරිකානු ආක්‍රමණය අවසන් වූයේ ඇමරිකාවට යටත් නොවූ සදාම් හුසේන් පසුව එල්ලා මරා දැමීමෙනි.
ආක්‍රමණයේ යථාර්ථය
පසුගිය තුන්වන දින උදෑසන ඇමෙරිකානු ජනපතිගේ සෘජු අණින් ක්‍රියාත්මක වූ එරට ඩෙල්ටා හමුදා ඒකකය වෙනිසියුලාවේ කරකාස් අගනුවරට ප්‍රහාර මාලාවක් දියත් කළ අතර පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුම මගින් ප්‍රකාශ කර සිටියේ වෙනිසිවුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට සිය හමුදා භාරයට ගත් බවයි.

1989 දී ඇමරිකාවට අවනත නොවූ පැනමා ජනාධිපති මැනුවෙල් නොරීගා ( Manuel Noriega) අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සමාන ලෙස මෙම මෙහෙයුම දියත් කළේය. පැනමා ජනපති අත්අඩංගුවට ගැනීමත් සමගම පැනමා ඇළේ වෙළඳ බලය එක්සත් ජනපදය ඩැහැගනු ලැබී ය. අද දින ලොව තෙල් බලවතෙකු වූ වෙනිසියුලාව ආක්‍රමණය කරනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරමකට මුවා වි වෙනිසියුලානු තෙල් සම්පත කොල්ලකෑමටය. මෙම කොල්ලයට එරෙහි ප්‍රබලම සාධකය වූ නිකොලස් මධුරෝ බලයෙන් පහකිරීම සැලසුමේ අංක එක විය. ඛනිජ තෙල් බැරල් බිලියන 300ක නිෂ්පාදන ධාර්තාවක් හිමිකරගත් ලෝකයේ වැඩිම පොසිල ඉන්ධන ප්‍රමාණයක් හිමි රට වෙනිසියුලාවයි.
ලේ පීසාචයා ගේ ගඳ
පිදෙල් කස්ත්‍රෝ, අර්නස්ටෝ චේ ගුවේරා ගේ ආභාෂය ලැබූ චාවේස් වෙනිසියුලානු තෙල් සම්පතේ ප්‍රතිලාභ රට වැසියන්ට ලබාදුන් අතර චාවේස් යනු සෘජු ලෙස ඇමරිකාවට අභියෝග කළ මිනිසා ය. ඔහු වරක් එක්සත් ජාතීන්ගේ සංවිදානයේදී පැවසුවේ "මට ලේ පිසාචයකුගේ ගඳ දැනෙනවා" කියා ය. ඒ ඇමරිකානු ජනපති ජොජ් බුෂ්ට ය. චාවේස් ගේ මරණය පිටුපස CIA සංවිධානය සිටි බව පැවසුවේ ද වර්තමාන ජනපති නිකලොස් මධුරෝ ය. චාවේස්ගේ ප්‍රගතිශීලී ගමන් මග ඉදිරියට ගෙනගිය මධුරෝ ද ඇමරිකානු උදහසට ලක්විය. මධුරෝ තම දේශපාලන සහ වෙළඳ මිතුරන් බවට පත්කරගනු ලැබුවේ රුසියාව සහ චීනය වීම ඇමරිකානු වෛරයට හේතුවිය.
චාවේස්
ඊළඟ ගොදුර කවුද...?
ඇමරිකාවේ අතකොළුවක් වන වෙනිසියුලානු විපක්ෂ නායක Maria Corina Machado බලයට ගෙන සදාම් හුසේන් ගෙන් පසුව ඉරාකයෙ පාලකයන් ලෙස පත්කළ ඇමරිකානු හෙංචයියන් හරහා එරට තෙල් සම්පත කොල්ලකෑ ආකාරයට ම වෙනිසියුලානු තෙල් සම්පත අයුක්ති සහගත ලෙස කොල්ලකෑම මේ ආක්‍රමණය පිටුපස ඇති තිත්ත ඇත්තයි. මෙම අසාධාරණ ආක්‍රමණයට එරෙහිව යුක්තිගරුක ලෝකයම නැගී සිටිය යුතුයි. ඇමරිකානු අදිරාජ්‍යවාදයට එරෙහිව ලෝකයම සටන් නොකළහොත් දවසක එකී අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවේ මර්දනයට ලක් වන ඊළඟ රට බවට පත්වන්නේ අප සහ ඔබගේ රට විය හැකිය.
Maria Corina Machado
ලෝකයේ වෙළඳ බලය යුද බලයෙන් අල්ලාගෙන සිටිමින් ලෝක බලවතා එහෙමත් නැත්තම් ලෝක පොලිස් ලොක්කා ගේ විකට භුමිකාවෙන් ඈමරිකානූ විකටයා සමු ගත යුතු ය.
චේ ලා ෆිදෙල්ලා චාවෙස් ලා පැතු ලෝකය වෙනුවෙන් පෙළ ගැසෙමු...!
ඇමරිකානූ මර්දන ක්‍රියාමාර්ග හා අක්‍රමණය තරයේ හෙලා දකිමු...!!

Sachith Rukshan

