වජිර ගේ සතියේ දේශපාලන තොරතුරු

වජිර ගේ සතියේ දේශපාලන තොරතුරු

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ 2026 නව වසර සඳහා වැඩ ආරම්භය පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. සභාපති වජිර, ජාතික සංවිධායක සාගල, නියෝජ්‍ය මහලේකම් හරීන් ඇතුළු සිරිකොත කාර්ය මණ්ඩාය මේ සඳහා එක්ව සිටි අතර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විශාල පිරිසක් ද තම පක්ෂ මූලස්ථානයට පැමිණ සිටියේ තම නායක රනිල් මුණ ගැසී නව වසර සඳහා සුබ පැතීමටය.

නව වසරේ විපක්ෂ හමුව

උදෑසන ම පැවැති මෙම විශේෂ කටයුත්තෙන් පසුව නායක රනිල්, වජිර සහ සාගල කොළඹ මල් පාර රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලායට පැමිණියේ එම කාර්යාලයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමටයි. මෙම පිරිස එහි පැමිණෙන විටත් අවශ්‍ය සියලු කටයුතු කාර්යාලය තුළ සූදානම් වී තිබිණි. කිරිබත්, කැවුම්, කොකිස් මේසයක් සූදානම් කොට සුපුරුදු පරිදි චාම් උත්සවයකින් මෙම රාජකාරී කටයුතු ආරම්භ කළ අතර මෙවරත් මෙම චාම් උත්සවයේ සංවිධාන කටයුතු බාරව සිටියේ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර විසිනි. වසර ගණනාවක් පුරාම මෙම කටයුත්ත වජිර විසින් සංවිධානය කර තිබු අතර එහි හොඳ පළපුරුද්දක් වජිරට තිබිණි. එසේම මෙම අවස්ථාවට හිටපු කතානායක මහින්දා යාපා, හිටපු අමාත්‍ය ජී.එල්. පීරීස්, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන අයවරුන් පැමිණියේ හිටපු ජනාධිපති රනිල් මුණගැසී නව වසරට සුභාශිංසන එක් කිරීම සඳහාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න