දිට්වා සුළි කුණාටුවෙන් වුණු හානි වෙනුවෙන් ජනතාවට වන්දි සහ සහන සලසන්න රුපියල් බිලියන 500ක අමතර මුදලක් පාර්ලිමේන්තුව හරහා අනුමත කරගන්න රජය පසුගියදා කටයුතු කළා. 2026 අයවැයට අමතරව, පරිපූරක ඇස්තමේන්තුවක් හැටියටයි මේ අනුමත කරගැනීම සිදු වුණේ.
සහන සපයන්න ණය ගත්තොත්...
ජනතාවට සහන සලසන එකේ කිසිම ගැටලුවක් නැහැ. එය විය යුතුයි. නමුත් මේ මුදල රජය සපයාගන්නට යන්නේ ණය ගැනීම් හරහා. ඒක ගැටලුවක්. ණය නිසා අමාරුවේ වැටිලා, අමාරුවෙන් ගොඩ එමින් ඉන්න අපි උඩ පැටවෙන තවත් ණයක්.
මේ වෙනකොට උද්ධමනය බලාපොරොත්තු වුණු මට්ටමට වඩා අඩු මට්ටමක පැවතීමත්, ඒ නිසාම රටේ නාමික දළ දේශීය නිශ්පාදිතය අඩු වීමත් නිසා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රටේ ණය ප්‍රතිශතය ඉහළ ගිහින් තියෙන්නේ. එහෙම තත්ත්වයක තව ණය ගන්නවා කියන්නේ අතිශය අවදානම් වගේම, ඉතා ඉහළ වියදමක් දරන්න සිදුවෙන දෙයක්.
ණය නොගෙන ම බැරිද...?
මෙහෙම ණය ගන්නේ නැතුව මේක කරන්න බැරි ද? - පුළුවන්! පහත දක්වලා තියෙන්නේ ණය නොගෙන, මේ මුදලම හොයාගන්න පාවිච්චි කරන්න පුළුවන් විකල්ප.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
