"තමාට පෙර රට" යන මානුෂීය ආදර්ශ පාඨය අනුගමනය කරමින් ආදරය, ගෞරවය සහ විනය යන තෙවැදෑරුම් ප්‍රතිපත්තිවලින් සුපෝෂිත දරු කැලක් රටට දායාද කීරීම කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ ඒකායන අරමුණයි.
1967 වර්ෂයේ දී ආරම්භක විදුහල්පති R. I. T අලස් ගුරුපියාණන් ගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම අභිමානවත් විද්‍යාලය අද වන විට ලොවපුරා විවිධ වූ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයින් රැසක් බිහි කරන්නට සමත් වී තිබේ. 2026 වසරේ පෙබරවාරි 10 වන දිනට අභිමානවත් වසර 59ක් සපිරෙන කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය රටේ ප්‍රධාන පාසල් අතරට පැමිණෙන්නේ ඉතාමත් කුඩා වයසක දී වීම විද්‍යාලයේ වටිනාකම තව තවත් වර්ධනය කරයි. එ අන් කිසිවක් නිසා නොව ඩී. ඇස්. මාතාව අපට කියා දුන් සහෝදරත්වය නිසා ය.

දලු ලා වැඩුණු ස්නේහයේ මහා රුක්ෂය
කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය සහෝදරත්වයේ ප්‍රතිමූර්තිය යි. පාසල තුළ සිදුවන මානුෂීය ක්‍රියාකාරකම් තුළින් එය මනා ලෙස විද්‍යමාන වේ. 2006 වසරේ දී කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලීය ආදී ගුරු මෑණිවරුන් සහ පියවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවමේ අරමුණින් වෛද්‍ය සායනයක් ආරම්භ කරන ලදී. එම වෛද්‍ය සායනය විද්‍යාලයේ ම ආදි ශිෂ්‍ය වෛද්‍යවරු ම සිදු කිරීම එහි වඩාත් කැපී පෙනෙන විශේෂත්වයකි. එය මේ වසරේ දී අඛණ්ඩව 20 වන වරටත් පැවැත්වුණා. විද්‍යාලයේ ආදී ගුරුමෑණිවරුන් මෙන්ම ගුරුපියවරුන් රැසක් මේ වසරේදීත් ඔවුන් ගේ ගුරුහරුකම් මැද වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහළට ම ගිය පුතුන් ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගත් අතර එය ඩී. ඇස් මාතාව තුළ දලු ලා වැඩුණු ස්නේහයේ මහා රුක්ෂය මනා ලෙස පිළිබිඹු කරයි.

Back to school සමග Back to Sportsmeet
කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය යනු දක්ෂයින් අතරින් අතිදක්ෂයින් බිහි කළ ඉදිරියටත් බිහි කරන අභිමානවත් විදු බිමක්. විද්‍යාලයේ හදවත බඳු විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මේ වසරේ දී Back to School වැඩසටහන පෙබරවාරි මස 7 වන දා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතී. මේ වසරේ දී අනෙකුත් වර්ෂවලට සාපේක්ෂව වෙනස් මුහුණුවරකින් මෙම වැඩසටහන පැවැත්වීමට ආදි ශිෂ්‍ය සංගමය සූදානමින් සිටී. ඒ Back to school සමග Back to Sportsmeet වැඩසටහන ද ඒකාබද්ධව සිදු කිරීමයි. මින් පෙර කිසිදු පාසලක සිදු නොවූ ඉතාමක් ජවසම්පන්න, ආකර්ෂණීය Back to school වැඩසටහන මෙවර අපට දැක බලාගත හැකිය.

බහුකාර්ය ශබ්දාගාරයක්
ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මාධ්‍ය කවය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ආදිශිෂ්‍ය සංගමයත් ආදි මාධ්‍යවේදීන් ගේ සංගමයත් බහුකාර්ය ශබ්දාගාරයක් ස්ථාපනය කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරියේ දී පිටත කාර්ය සඳහා rentout කිරීමටත් social media revenue ලබා ගැනීමටත් බලාපොරොත්තු වන අතර මෙය පාසලට අමතර වශයෙන් විශාල ආදයමක් ලැබිය හැකි මාර්ගයක් වේ.
මේ සියල්ලෙන්ම ගම්‍යමාන වන කරුණ නම් ඩී. ඇස්. මාතාව ගේ ඇකයේ වැඩෙන පුතුන් ගේ නොමැකෙන සහෝදරත්වය යි. කොළඹ ඩී. ඇස්. සේනානායක විද්‍යාලය සැමවිටම තමාට පෙර අනෙකා ගැන සිතන්නට හුරු කරමින්, ජීවිතයේ නැවුම් බලාපොරොත්තු සාර්ථක කරගැනීමට හුරු කරමින්, සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ජීවත්වීමට හැකි ජාතියක් දැයට දායාද කිරීමට කටයුතු සිදු කරන පාසලකි.

