ජෝර්ජිවානා ඇත්ත නොකිව්වේ ඇයි...? -රනිල් කොලම

ජෝර්ජිවානා ඇත්ත නොකිව්වේ ඇයි...? -රනිල් කොලම

රනිල් හැදූ පිට්ටනියේ කවුරුත් තමන් කළ දෙයක් වාගේ කෙළි සෙල්ලම් කරමින් සිටිති. එහෙම සෙල්ලං කරන ගමන් විලි ලැජ්ජාවක් නැතුව උදම් අනති.

මේ අපි හැදූ පිටිය යැයි කියති. ක්‍රිකට් ගසති. ගස්සවති. හොඳම විහිළුව නම් අයි.එම්.එෆ් ලොක්කි ක්‍රිස්ටිනා ජෝර්ජිවා නෝනා ද මාලිමා ආණ්ඩුවේ උදවියට ප්‍රශංසා කිරීම ය. ඇත්ත වැඩකාරයා කවුදැයි දැන දැනත් ජෝර්ජිවා  නෝනා මේ වගේ කතාවක් කිව්වේ ඇයි දැයි දේශපාලක විචාරකයෝ පුදුම වෙති.

jor

බැබිල ගහේ පහරපු බළලා කවුද...?

වැඩ බැරි ආණ්ඩුව කොහොමත් වැඩකාරයා දකින විට වෙව්ලයි. ඔවුන්ගෙන් ගිලෙහෙමින් තිබෙන බලය රනිල් ගේ ඔඩොක්කුවට වැටේවි යැයි යන කාරණය ඒ බයට හේතුව ය. බොරු හේතුවක් හදාගෙන රනිල් දඩයම ඇරඹෙන්නේ ඒ අනුව ය. රනිල් එංගලන්තයේ වුල්වහැම්ටන් සරසවියට ගිය ගමන නිල එකක් ද නැද්ද කියන කාරණය ඔප්පු කරනවා වෙනුවට දැන් ආණ්ඩුව බැබිල ගහේ ජරා කළ බලලාගේ තත්ත්වයට පත්ව තිබේ.

උදාහරණ (ආණ්ඩුවේ අවධානයට)

Swaraj

රනිල් විදේශ ගත වන්නේ ජනාධිපතිවරයා ලෙස සිටියදී ය. මේ රටේ හිටපු ජනාධිපතිවරු වගේම ඇමතිවරුනුත් විශ්වවිද්‍යාලවල ආරාධනය පරිදි මීට කලින් ඒ තැන්වලට ගිහින් ඇත. ඒ සඳහා උදාහරණ ඕන තරම් දැක්විය හැකියි. 2001 වර්ෂයේ දී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග  එක්සත් රාජධානියට කළ සංචාරය (එය ශිෂ්‍ය සංගමයකි, විශ්වවිද්‍යාලයේ ම නොවේ), 2008 වසරේදී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් රාජධානියට කළ සංචාරය, 2010 වසරේ දී ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  සහභාගී වූ අතර, එක්සත් රාජධානියට පැමිණි විට එය අවලංගු කරන ලදී. 2017 වසරේදී ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ නීති දේශනය, 2018 වසරේ ඔක්ස්ෆර්ඩ් සංගමය ඇමතීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ එක්සත් රාජධානියේ සංචාරය, ඔක්ස්ෆර්ඩ් සංගමය සහ කේම්බ්‍රිජ් සංගමය ඇමතීම සඳහා හිටපු විදේශ අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කදිර්ගාමර්, ජී.එල්. පීරිස් සහ අලි සබ්‍රි ගේ එක්සත් රාජධානි සංචාර ලංකාවේ උදාහරණ කිහිපයකි.

විදෙස් උදාහරණ

මේ රටේ රාජ්‍ය නායකයෙක් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගියත් එය සැලකෙන්නේ නිල ගමනක් හැටියටය. මීට අමතරව අනෙක් රටවල්වල රාජ්‍ය නායකයින් ගතහොත් ඔවුන් ගේ මෙවැනි සංචාර කොතෙකුත් දැක්විය හැකි ය.

එක්සත් රාජධානියේ වත්මන් අගමැති  කියර් ස්ටාර්මර් පැරිසියේ ප්ලේස් ඩි ලා කොන්කෝඩ් හි පැවති පැරා ඔලිම්පික් සඳහා 2024 දී සහභාගී වීමෙන් තවත් පූර්වාදර්ශයක් නිර්මාණය කළේ ය.

Keir කියර් ස්ටාර්මර් පැරිසියේ ප්ලේස් ඩි ලා කොන්කෝඩ් හි පැවති පැරා ඔලිම්පික් සඳහා 2024 දී සහභාගී වීම

 ජෝ බයිඩන් (ඔබාමා යටතේ උප ජනාධිපති ලෙස) බ්‍රසීලයේ පැවති 2014 FIFA කණ්ඩායම් අදියර තරගයට සහභාගී විය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ස්කොට්ලන්තයේ ටර්න්බෙරි ගොල්ෆ් පිටිය නැරඹීමට ගිය අතර එහි දී ඔහු යුරෝපීය කොමිසමේ සභාපතිවරයා සමග ද රැස්වීම් පැවැත්වී ය.

ඇමතිවරුනුත් එවැනි  සංචාරවලට සහභාගී වී ඇත. විදේශ ඇමතිවරුන් හැටියට ලක්ෂ්මන් කදිරගාමර්, ජී. එල්. පීරිස්, අලි සබ්‍රි එවැනි සංචාරවලට කොතෙකුත් සහභාගි වී ඇත.

විකාර රූපී තත්ත්වය

මෙවැනි  පසුබිමක් තිබියදී නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රනිල්ට එරෙහිව නඩු කටයුත්තක් කරගෙන යාම විකාර රූපී තත්ත්වයක් බව දේශපාලන විචාරක මතයයි.

රනිල්ට එල්ල කර ඇති චෝදනාව වන්නේ අනාරාධිතව එංගලන්තයට ගිය බවටයි.

එංගලන්තයේ අදාළ දිවා භෝජන සංග්‍රහය සඳහා ලැබුණු ආරාධනය ගැන දැන් ඉතා පැහැදිලිය. වුල්වහැම්ටන් විශ්වවිද්‍යාලයේ වසර 25 ක් කුලපතිවරයා ලෙස කටයුතු කළ ස්වරාජ් පෝල් ස්වාමිවරයා ගේ 25 වන සංවත්සරය සැමරීමත් ජනාධිපති භාරයාව වූ මෛත්‍රී වික්‍රමසිංහ ගේ ගෞරව මහාචාර්ය පදවියත් ලබා ගැනීමට අදාළ ආරාධනය කර ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති යන තනතුරට යි.

wol2

මේ නඩු කටයුත්තේ දී අධිකරණය නොමග යැවීමට කරුණු විකෘති කරන්න හදන බව ඇතැම් කල්ලිවල හැසිරීමෙන් හොඳටම ඒත්තු ගැන්වී ඇත.

පොලිස්පතිවරයා ගේ නොහැකියාව

පසුගිය  දිනක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පස්දෙනෙක් මේ සංචාරය  ගැන කරුණු හොයන්නට එංගලන්තයට ගියහ. එලෙස ගිය පුද්ගලයන්  කළ කී දේවල් ගැන  තොරතුරු දැනගැනීමේ පණත යටතේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා තිබෙන නමුත් මේ වනතෙක් කිසිම තොරතුරක් ලබා දෙන්නට වර්තමාන පොලිස්පතිවරයා අපොහොසත් වී තිබේ. ඒ තොරතුරු ලබා ගැනීම පුරවැසියන් ගේ අයිතියකි.

අනවසර පදංචිකරුවකු ගේ සාක්ෂිය වැදගත් ද?

2023 වසරේදී සැප්තැම්බරයේ රනිල් අදාළ ගමන යන විට මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පරිපාලන කන්සියුලර් වරයා හැටියට සිටි අරුණ සෞම්‍යසිරි ප්‍රනාන්දු ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. මේ පුද්ගලයාට ඇත්තේ හොඳ ඉතිහාසයක් නොවේ.

රනිල් අගමැති ලෙස කටයුතු කරද්දී අදාළ  පුද්ගලයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කළේ ය. ඔය වකවානුවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඔහු සම්බන්ධයෙන්  පැමිණිල්ලක් ලැබෙන්නේ ය. ඒ අසත්‍ය ලියකියවිලි ලබාදී කඩඉම් විභාගවලට පෙනී සිටීමේ දී කරන ලද වරදක් සම්බන්ධයෙනි. පැමිණිල්ල ගැන පරීක්ෂණ කර එවකට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක විසින් අරුණ සෝමසිරි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මාරු කර යවා ඇත.

එලෙස මාරු කරන ලද පුද්ගලයා තානාපති කාර්යාලයේ කොන්සියුලර් ලෙස පසුව පත්වීම ලබාගෙන ඇත. දැන් ඔහු තානාපති කාර්යාලයේ රාජකාරි නොකරයි. එහෙත් නීති විරෝධී ලෙස රැකවරණය ලබාගෙන අරුණ සෞම්‍යසිරි අද එංගලන්තයේ රැඳී සිටී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූලව නොවන විදියට රැඳී සිටින පුද්ගලයාගෙන් රනිල්  ගැන ප්‍රකාශ සටහන් කර ගන්නට ඔහු හොයාගෙන එංගලන්තයට ගොස් ඇත.

පළි ගැනීමේ නාටකය

බ්‍රිතාන්‍ය රජය විසින් අනුමත නොකරන එහි නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයෙක් මේ රටට ගෙන්වා ගැනීමට රජයට හැකියාව ලැබී නැත. නමුත්  එංගලන්තයට ගිය නිලධාරීන්ට මොනතරම් දුරකට මේ ගැන වුවමනාවක් තිබුනා ද කිව්වොත් නීති විරෝධීව රැඳී සිටින තානාපති සේවයේ හිටපු කෙනා හොයාගෙන ගොස් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.

මේ සිද්ධියේ පළි ගැනීමේ නාටකය මෙවැනි සිදුවීම් සිදුවීම්වලින් හොඳටෝම ගම්‍ය වන්නේය.

කෝසල පෙරේරා ද කාලයක් විදේශ සේවයේ  කටයුතු කළ පුද්ගලයෙකි. ඔහු  ප්‍රකාශය සටහන් කර තියෙන්නේ රනිල්ට කියුබාවට සහ ඇමරිකාවට යෑමට විතරක් අවශ්‍ය අවසර ලබා තිබෙන බවයි. ඇත්ත කාරණය නම් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය  ඇමරිකාවේ තිබුණත් ඊට ආරාධනා කරන්නේ ඇමරිකාවෙන් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනි. රනිල් එක්සත් ජාතීන්ගේ ඇරයුමක් පිට මහා මණ්ඩල සම්මේලනයට සහභාගී වුවත් එතුමා ගියේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආරාධනාවකට මිස ඇමරිකාවේ ආරාධනාවකට නොවේ. ආණ්ඩුවේ උදවිය මෙය පුද්ගලික සංචාරයක් යැයි  තීරණය කර තියෙන්නේ කුමන පදනමකින්ද යන්න ගැටලු සහගතය. ඒ අනුව රනිල්ගේ එංගලන්ත ගමන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව පුද්ගලික එකක් යැයි කියන්නේ කෙසේද? ජනාධිපතිවරයකුට පුද්ගලික ගමනක් තිබිය හැකිද? රාජකාරී කාලයේ දී යන ගමන් පුද්ගලික වන්නේ කෙසේ ද?පුද්ගලික ගමන් සහ රාජ්‍ය ගමන් තෝරන්නේ කොහොමද කියා පැහැදිලි නිර්ණායකයක් තිබිය යුතුයි. ඒ නිසා රාජ්‍ය නායකයා ගේ නිල ගමන් මොනවා ද? නිල නොවන ගමන් මොනවා ද? කියා පැහැදිලි නිර්ණායක ඉදිරිපත් කළ යුතුව තිබේ.

ranil

රනිල් ගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ හොඳින් ම දන්න කෙනා

වජිර  සෙනසුරාදා සහ ඉරිදා දෙකෙහිම ගාල්ල එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික්ක කාර්යාලයේ විශේෂ රැස්වීම් කිහිපයකටම සහභාගී විය.

 ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු ආසන සංවිධායකවරුන්, පක්ෂ කළමණාකාරවරුන් සහ පක්ෂ ක්‍රියාකාරීන්ට අමතරව මහා සංඝරත්නය නියෝජනය කරමින් ස්වාමීන්වහන්සේලා කිහිප නමක් ද මෙම රැස්වීම් සඳහා සහභාගී වූහ. එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමක් ද වජිරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.

රටේ පවතින අර්බුධකාරී තත්ත්වය, විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳව දීර්ඝ ලෙස මෙහි දී සාකච්ඡා කරන්නට විය. එසේම පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් මාධ්‍යයට මුදාහරිමින් එක්සත් ජාතික පක්ෂය මේ වෙනුවෙන් පෙනී සිටින ආකාරය පැහැදිලි කර තිබිණි.වජිර එම ලිපියත් අතැතිව මේ සම්බන්ධයෙන් පැමිණි සිටි පිරිස දැනුවත් කරන්නට විය. එසේම එම දැනුවත් කිරීම අතරතුර ඔවුන් ද තමන්ට ඇති ප්‍රශ්න පිළිබඳ වජිරගෙන් විමස්සනට වූ අතර බොහෝ දෙනෙක්ට තිබු ප්‍රශ්නය වූයේ වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳවයි.

wajiraor1

වජිරට මේ පිළිබඳ මනා දැනුමක් ඇති නිසා මෙන්ම නායක රනිල් ගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ හොඳින්ම දන්න කෙනා වජිර බැවින් ඔවුන්ට මේ ප්‍රශ්නවලට වජිර දෙන උත්තර පිළිබඳ ඉතා හොඳ විශ්වාසයක් ඇති බව වජිර ගෙන් ලැබුණු පිළිතුරුවලට ඔවුන් ලබාදුන් ප්‍රතිචාරයෙන් පෙනෙන්ට විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න