Image

පාස්කු ඉරිදා ප්‍රහාරකයෝ සෙවීම වළක්වන්නෝ කවරහු ද...?

පාස්කු ඉරිදා ප්‍රහාරකයෝ සෙවීම වළක්වන්නෝ කවරහු ද...?

පාස්කු ප්‍රහාරය යනූ දේශපාලනිකව හාස්‍යට ලක් කරමින් ජන සමාජය නොමග යැවීම හෝ පොත් එළිදක්වමින් ලාබය උදෙසා උත්සව පැවත් විය යුතු කාරණාවක් නොවේ.

අනික එය එක් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මත පදනම් වූ වගකීමක් ද නොවේ. මේ සිද්ධිය සමග සෙල්ලම් කිරීම රාජ්‍ය පැත්තෙන් ද කුඩා දේශපාලනික හෝ ආගමික කණ්ඩායම් පැත්තෙන් ද සිදු නොවිය යුත්තක්.

මිනිස් ඝාතනයන් පොකුරක් සමග සිදුවු මහා අපරාධයක් ආණ්ඩුව සහ රාජ්‍ය විසින් සොයා යෑමේ දී සියලු පුරවැසියන් ගේ වගකීම් එය සොයා ගැනීමට උදව් කිරීමයි. එයට විරුද්ධ වන පුද්ගලයින් හෝ කණ්ඩායම් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍යයේ වගකීමයි. කවුරු වූවත් කුමන තරාතිරමක පුද්ගලයින් වූවත්, කුමන කරුණක් අරබයා සිදුකෙරුණත්, එහි සුල මුල ලාංකීය ජනසමාජය දැන ගත යුතුයි.

එහි පිටුපස අන්තවාදී කණ්ඩායම් සිටියත්, දේශපාලනික කණ්ඩායම් හිටියත්, ආගමික කල්ලි හිටියත් ඒ මියගිය මිනිසුන්, අහිමි වූ මිනිසුන්, සහ සියලු මිනිසුන් වගේ ම ක්‍රිස්තියානි මුස්ලිම් වගේ ම විශේෂයෙන් ම බෞද්ධ පුරවැසියන්ට ද සාධාරණයක් ඉෂ්ට කිරීම උදෙසා රාජය විසින් නීතිය තුළ මෙය විසඳාදිය යුතුයි.

pasku

පුරවැසියන්ට අදාළ වනුයේ, විශ්වාසය වනුයේ රාජ්‍යය යි; නීතිය යි. කාලය කෙමෙන් ගෙවෙද්දී තවත් පාස්කු දිනයක් ළං වෙද්දී ඒ පිපිරීම්වලින් පුපුරා ගියේ අපේ රටේ ආගමික සහජීවනය යි; විශ්වාස යි. තවත් පාස්කු දිනයකට ඉඩ නොහැර මිනිසුන් ගෙ අවධානය දැඩි ලෙස නැමුණු පාස්කූ අපරාධකරුවන් ඉක්මනින් නීතිය සහ දෙවියන් ඉදිරියට ගෙන ඒමේ වගකීම රාජ්‍යට ඉක්මනින් කරගැනීමට ලැබෙන්න යනු පුරවැසි ප්‍රාර්ථනනය යි.

ජීසස් දෙවියනි...!

ඔබ දැස් ඉදිරියේ පුපුරාගිය බෝම්බයෙන් මිය ගිය දරුවන් වැඩිහිටියන් පුරවැසියන් නිසා කවුරු වුනත් ඒ අපරාධකරුවන් මේ වනවිටත් ඒ ශාපය විදිනවා ඇති; සමහර විට මියගොස් ඇති; නැතිනම් වතුරෙන් ගොඩට විසි වූ මාළුවකු සේ බලය ගැලවී, ආදරය ගිලිහී, අපකීර්තියට ලක් වී, කිසිවකුටත් මුහුණ දීමට නොහැකි වී, ජීවතේ වෙව්ල වෙව්ලා දඟලමින් පන අදිනවා ඇති. විනාශයක ශාපයෙන් හදවත් පුපුරා ගොස් මනස මිය ගිය ශරීරයෙන් තාමත් නිවරදිකරු වීමට දඟලනවා ඇති.jesu

ජීසස් දෙවියනි...! නුඹ සේම අප ද, බෞද්දයෝ ද, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු සියලු ම පුරවැසියෝ ද, සියලු ම දෙවියන් ද අපරාධකරුවන් කවුරුද යනවග දැන ගැනීමට පෙර මග බලාසිටිමු.

ආණ්ඩුව සහ රාජ්‍යය ඒ යුතුකම ඉෂ්ට කරන්නේ යැයි විශ්වාස කරමු. දෙවියන් සහ මිනිසුන් ගේ ශාපයෙන් මුදවන්නේ යැයි සිතා සිටිමු. එයට පක්ෂ පාට ආගම් ජාති කුල භේදයක් නොමැත. එයට විරුද්ධ වන්නෙක් සිටිය නොහැක. සිටී නම් ඔහු අපරාධකරුවකු නොවේ නම් ඒ මනුෂ්‍යයෙක් ද නොවේ.

kalana

 

කලණ ගුණසේකර

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න