Image

ආදරණීය දීපවෙල්වම් වෙත...

ආදරණීය දීපවෙල්වම් වෙත...

අපි මහා ලොකු ළඟ ඇසුරක් නැතත්, අපේ ඇසුරේ ගැඹුර ගැන දශක කීපයක බැඳීම මහ බරක් බං මට.

ඉපදුනු දා පටන් අපේ නෑදෑකම උතුර දකුණ යා කෙරෙන නහරයක් වුණා කිව්වොත් නිවැරදියි. මං ඉගෙන ගත්තු දේශපාලන දර්ශනයේ මුල් බැසගත් සත්‍යය වුණේ ජාතික ගැටලුවේ දී අපිට බෙදීමක් නැති බවත් මනුෂ්‍යත්වය පමණක් එකම බැදීම බවත් ය.

පැරැණි වමේ පාලම

මේ බැඳීමට කෙළවී ගිය ඉතිහාසයේ මහා සාක්ෂි කොතෙකුත් ඇතත්, ඒ පරණ පාලකයින් ගේ... කෙළින් ම කිව්වොත් ධනේෂ්වර ලොන්තයින්ගේ පාලනය පවත්වාගෙන යෑමේ ම්ලේච්ඡ උපක්‍රමයන් විනා උඹට අපිට එකතු වෙන්න, රස විදින්න බාධාවක් වූ තැනක් නොවුණා කියලයි මට හිතෙන්නේ. ඒකට එහෙම සංහිදියාවෙන් හිතපු වාම සිතුවිල්ලක් ලංකා සමාජයේ පෝෂණය වෙලා තිබුණ කියල කිව්වොත් නිවැරදියි. ඒකට පාලම හැදුවේ පැරණි වම කියලයි මට හිතෙන්නේ. මේක අස්සේ මම කියන්න උත්සාහ කරන යටි අරුතක් ගැබ්වෙලා තියෙනවා කියල උඹ ගේ කියවීම ඇතුළෙ තේරුම් ගනින් මල්ලියේ. ඒක එච්චරයි.

මගේ ආශාව

2

දැන් කියන්නේ වෙන දෙයක්. මං ආස උඹගේ පොත් ටික රේගුවේ හිර වුණා වගේම සිංහල පොත් ටිකකුත් ඇවිත් හිර වෙලා මේවගේම නිදහස් කොරගන්න බැරිව, හෙන ෆයිට් එකක් දෙන්න වෙන, මාධ්‍ය සාකච්ඡා, පරීක්ෂණ සාකච්ඡා, කැඳවීම් මේ උඹට වෙච්ච හැම සන්තෑසියක්ම වෙනවට. එහෙම වුණා නම් බං සාහිත්‍ය අකුරුවල භාෂා භේදයක් තිබුනේ නෑ. කියල හෙන ආතල් එකක් ගන්න තිබ්බා. මොකද මෙච්චර කාලයක් අපි, ජාතිවාදී ව්‍යාපාරවලට කෙළවෙන්න ගහපු උන්.

දේවතා එළිවලට නොරැවටෙනු...!

22

දැන් හරි. මෙන්න මේක අවසානයට හිතට ගනින්. "පිටට පෙනෙන බොහෝ සුදු පිරුවට අස්සේ, එහෙමත් නැත්නම් යට ම ධාරෙත් පරණ පාලකයින්ගේ පුස්තකාල ගිනි තියපු මානසික තුත්තිරි ඇමිණිලා තියෙනවා, ( දැන් ඉතිං අඩෝ එහෙම නෑ හරිද..? මේවා පොඩි පොඩි තාක්ෂණික ගැටලු වගේ හෙන ටෝක්ස් ඉෂූ කරන්න එපා මේවා පාලනයක් ගෙන යද්දි ඔය සමහර පුටු අස්සෙන් එන මානසික අතීත හොල්මන් )

ඉතිං බං මේවා පරදන්නත් සාමූහික පෙරට ඒම් තුළ විතරමයි. බලමු ඉතිං උඹට මට ඒකට සාහිත්‍ය රසවිදින්න පුළුවන් ලංකාවක් හදාගන්න පුළුවන් වෙයිද කියල. එතකන් ලොකුවට අවුල් ගන්න එපා....සමහර දේවතා එළිවලට රැවටෙන්නත් එපා...

පරිසමෙන් සහෝදරයා...!

තුසිත පතිරණතුසිත පතිරණ

 

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න