චෙම්මිනි සමුහ සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙන බවත්, එහි පරීක්ෂණ කටයුතු සිදු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළඟා කරන්න රජයට අවශ්‍ය බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) අරියාලෙයි සිත්තුපති චෙම්මිනි සමූහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වූ අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...
මෙහි අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි
''චෙම්මිණි සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු කෙරෙනවා. අතුරුදහන් වූ පුද්ගලයින් සඳහා වූ කාර්යාලය සහාය ලබා නොදන බවට කරනු ලබන ප්‍රකාශ සම්පුර්ණයෙන් ම වෙනස්. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ලබාදී තිබෙනවා. එහි කැණිම් කටයුතු සිදු කරනු ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලැබුවා. මෙහි කැණිම් කටයුතු සම්බන්ධයෙන් අපි සෑහිමකට පත් වෙනවා. මෙහි කැණිම් කටයුතු වේගවත් කරනු ලබන ආකාරය පිළිබදව ගරු මහෙස්ත්‍රාත්තුමා සමගත් විශේෂඥයින් සමගත් සාකච්ඡා කළා. මෙහි පරීක්ෂණ කටයුතු සිදු කරලා යුක්තිය සත්‍ය හොයලා මෙහි අවසානයක් ළගා කරන්න රජයට අවශ්‍යයි.''
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් කුමාර සෝමදේව ගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල පුරා විද්‍යා විද්‍යාර්ථින්, වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥයින් සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු සිදු කරති.
සමුහ සුසාන භූමියෙහි කැණිම් කටයුතු අතුරුදන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා ද අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දෙන ලදී.
යාපනය මහෙස්ත්‍රාත්තුමා, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලන්කුමාරන්, රජීවන් ජය චන්ද්‍රමුර්තී, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් අතුරුදන් වූ තැනැත්තන් පිළිබද වු කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද, අතුරුදන් වූ තැනැත්තන් පිළිබද වූ කාර්යාලයේ නිලධාරීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ නීතිඥවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
