Image

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ නිලධාරීන් සහ රැඳවියන් ගේ සුවදුක් විමසා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික රෝහලට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ නිලධාරීන් සහ රැඳවියන් ගේ සුවදුක් විමසා බැලීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික රෝහලට

මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් තුවාල ලබා දැනට ශ්‍රී ලංකා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් ගේ සහ රැඳවියන් ගේ සුවදුක් විමසා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (07) පස්වරුවේ ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත ගියේ ය. 

එහි දී අමාත්‍යවරයා ජාතික රෝහලේ 72,79 වාට්ටුවල සහ දැඩිසත්කාර ඒකකවල  ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්  වෙත පෞද්ගලිකව ගොස් ඔවුන් ගේ සුවදුක් විමසා බැලූ අතර, ඔවුන් ගේ  ප්‍රතිකාර සේවා වෙනුවෙන් ගතයුතු ඉදීරි පියවර පිළිබඳව ද සොයා බැලී ය. 

WhatsApp Image 2026 07 07 at 6.00.24 PM

අමාත්‍යවරයා මෙහි දී  වෛද්‍ය, හෙද ඇතූළු රෝහල් කාර්ය මණ්ඩලය සමග මෙන්ම රෝහල් පරිපාලනය සහ  බන්ධනාගාර නිලධාරීන් සමග ද  ප්‍රතිකාර සේවා මෙන්ම හදිසි අවශ්‍යතා සහ අනෙකුත් සේවා සැපයීම් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළේ ය. 

මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිදුවීමෙන් තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 29 කි. ඒ අතර නිලධාරීන් 15 සහ  රැඳවියන් 14 ක් සිටිති. මෙම පිරිස අතරින් 12 දෙනකු දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න