අභාවප්‍රාප්ත හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන විමර්ශනය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කට උත්තරයක් ලබා දී ඇත.
මෙය දැනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු සම්පූර්ණ කටඋත්තරය බව ද සැලකිල්ලට ගන්න.
ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරන අන්දමට සීඩී වික්‍රමරත්න සුරේෂ් සලේට පක්ෂව සාක්ෂි ලබාදීමට සූදානම්ව සිටියා ද නැද්ද යන්න අපැහැදිලි අතර, ඔහු මීට පෙර ප්‍රකාශයේ දී සුරේෂ් සලේට ඇති චෝදනා රැසක් සනාථ වන අන්දමට කටඋත්තර ලබා දී ඇති බව වාර්තා වේ.
මෙතැන් සිට පළ වන්නේ හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ කටඋත්තරය යි.
''2019.04.29 වන දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන වශයෙන් පත්ව සේවය කිරීමේදී වැඩබලන පොලිස්පති වශයෙන් කටයුතු කළ බවද, ඉන් පසුව 2020.11.25 වන දින පොලිස්පති වශයෙන් පත්ව 2023.11.23 වන දින විශ්‍රාම ගිය බව ද,
2019.04.21 වන දින තමා උදෑසන ශරීර ව්‍යායාම සිදු කරන අවස්ථාවේදී කොළඹ හෝටල් කීපයක පිපිරීම් වගයක් සිදුව තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවත්, පසුව එම බෝම්බ පිපිරීම් බැවින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබූ බවත්,
2019.04.26 වන දින සවස 03.00 ට 04.00 ට පමණ අම්පාර කොට්ඨාස භාර නිලධාරී සාමන්ත විජේසේකර දුරකතනයෙන් කතා කර නිවාස කීපයක් පරීක්ෂා කිරීමට තිබෙන බවත්, ඒ සඳහා යුද්ධ හමුදා සහාය ලබා ගැනීමට අවශ්‍ය බවත්, පොලිස්පතිතුමා ගෙන් අවසර ලබා ගැනීමට එතුමා සම්බන්ධ කර ගැනීමට නොහැකි බව මා හට දැනුම් දුන් බැවින් පොලිස්පති අවසරය ලැබූ සේ සලකා යුද්ධ හමුදා සහායත් විශේෂ කාර්ය බලකායේ සහායත් ලබා ගැනීමට උපදෙස් දුන් බවත්, එදින රාත්‍රීයේ රූපවාහිනියෙන් සහ සමාජ ජාලා ඔස්සේ සයින්දමරුදු ප්‍රදේශයේදී නිවසක් පරීක්ෂා කිරීමට පොලිසියත් විශේෂ කාර්ය බලකායත් ගිය අවස්ථාවක එම නිවස තුළ වෙඩි තැබීමක් හා පසුව පිපිරීමක් සිදුව පිරිසක් මිය ගොස් ඇති බවත්, එය ඔවුන් 21 වනදා සිදු වූ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පිරිසක් බවත් තමා දැන ගත් බවත්,
එම සිද්ධිය සම්බන්ධයෙන් මුලින් අම්පාර කොට්ඨාසයෙන් විමර්ශනය කළ අතර පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබූ බව ද, 2019.05.02 වන දින විමර්ශන නිලධාරීන් රස පරීක්ෂක වෙත එම සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින්ගේ සාම්පල් කොටස් 26 ක් යවා තිබූ අතර එයින් කොටස් 11 ක් නරක් වී ඇති බව විමර්ශන නිලධාරීන්ට දැනුම් දී තිබූ හෙයින් 2019.06.07 වන දින නැවත කොටස් රස පරීක්ෂක වෙත යොමු කරනු ලැබූ බවත්, එම කාර්ය භාරය සම්බන්ධව මා හට දැනීමක් නොමැති බැවින් අදාල විමර්ශන නිලධාරීන්ගෙන් එම ක්‍රියාදාමය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත යුතු බවත්,
පසුව 2019.09.19 වන දින පළමු රස පරීක්ෂක වාර්තාව ලැබී තිබූ අතර එහිදී සාරා ජෙස්මින් මිය ගොස් ඇති බව තහවුරු කර නොතිබූ බව ද, පසුව විමර්ශන නිලධාරීන් විසින් නැවත වරක් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට කටයුතු කළ අතර එය කැඳ වූ ආකාරය සහ එයට හේතු වූ කරුණු සම්බන්ධව තමාට මතකයක් හෝ දැනීමක් නොමැති බවත්,
2021.03.03 වන දින දෙවන රස පරීක්ෂක වාර්තාව විමර්ශන නිලධාරීන් වෙත ලැබී තිබූ අතර එහිද සාරා ජෙස්මින් මිය ගොස් ඇති බවක්, ඩී.එන්.ඒ. පරීක්ෂණ මගින් තහවුරු වී නොතිබූ බවත්, මේ සම්බන්ධව ආරක්ෂක කවුන්සිලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධව පැහැදිළි තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ආරක්ෂක කවුන්සිලයට කැඳවා කරුණු පැහැදිලි කර ගැනීමට තීරණය කර ඒ අනුව ප්‍රසාද් රණසිංහ මහතා ආරක්ෂක කවුන්සිලයට කැඳවා ඔහුගෙන් කරුණු විමසූ බවත්,
මෙම ඩී.එන්.ඒ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධව ඒ මහතාට පැහැදිලි පිළිතුරක් දීමට නොහැකි වූ අතර එහිදී සාරා ජෙස්මින් මිය ගොස්ද නැත්ද යන්න නිෂ්චිතව පිළිතුරක් දීමට නොහැකි වූ බැවින් ස්ථාන පරීක්ෂාවක් සිදු කර සති දෙකක් හෝ තුනක් ඇතුලත දැනුවත් කරන ලෙස ආරක්ෂක කවුන්සිලය විසින් උපදෙස් දුන් බවත්, ඒ අනුව ප්‍රසාද් රණසිංහ මහතා හාදියාද තවත් විශේෂඥ කණ්ඩායමක්ද සමග ගොස් සයින්දමරුදු නිවස පරීක්ෂා කර ආරක්ෂක කවුන්සිලයට කරුණු විස්තර කළ බවත්,
එහි දී ඔහු බොහෝ දුරට උපයෝගී කර ගත්තේ හාදියා විසින් එම නිවස තුළ ඔහු දැනගත් විස්තර අනුව හාදියා අවසන් වරට සාරා ජෙස්මින් හමු වූ වේලාවත් පිපිරීම සිදු වූ වේලාවත් අතර කාලය තුල සාරා ජෙස්මින් කුමක් කළේද යන්න සම්බන්ධව හාදියා නොදන්නා බැවින් එම කාලය තුලදී අදාළ ස්ථානයෙන් සාරා ජෙස්මින්ට ඉවත් වීමට ඉඩ තිබූ බවට උපකල්පනය කිරීමට නොහැකි ද යන්න එසේ වීමට ඇති සම්භාවිතාව ඉතා අඩු බව ප්‍රසාද් රණසිංහ මහතා පැවසූ අතර එසේ වුවද එම කාලය තුල දී සාරා ජෙස්මින් එම ස්ථානයෙන් ඉවත්ව ඇති බවටත්, පිපිරීමට ඇය ගොදුරු නොවී ජීවත්ව සිටින බවට උපකල්පනය කර ඒ මත පිහිටා විමර්ශනයක් කළ යුතු බව තමා යෝජනා කළ බවත්,
එයට ආරක්ෂක කවුන්සිලය ද එකඟ වූ අතර ජනාධිපතිතුමාද සාරා ජෙස්මින් ජීවත්ව සිටින බවට උපකල්පනය කර විමර්ශනයක් සිදු කරන ලෙසට දන්වා සිටි බවත්, එසේ සිදුකර ප්‍රගතිය වාර්තා කරන ලෙසටත් ප්‍රසාද් රණසිංහ මහතාට නියෝග කළ බවත්, පසුව 2022.04.27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නැවත වතාවක් මිය ගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබූ බවත්, එහිදී නව කොටස් 80 කට ආසන්න ප්‍රමාණයක් විමර්ශන නිලධාරීන් විසින් ලබා ගෙන රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබූ බවත්,
ආරක්ෂක කවුන්සිලයේ දී ඩිඅයිජි ප්‍රසාද් රණසිංහට මෙම විමර්ශනය ආරම්භ කිරීමට නියෝග කිරීමේ සිට නව කොටස් රස පරීක්ෂක වෙත යොමු කළ අවස්ථාව දක්වා සිදු වූ විමර්ශන කුමන නිලධාරියා විසින් කෙසේ කුමන කරුණු පදනම් කරගෙන සිදු කළේ ද යන්න සම්බන්ධයෙන් තමා හට දැනීමක් නොමැති බවද, 2023 මාර්තු මාසය වන විට බන්ධනාගාර තුළ ඉතා දැඩි තදබදයක් තිබූ අතර ගැටුම්කාරී තත්ත්වයන් ද ඇති වූ තිබූ බවත්, මේ සම්බන්ධව ආරක්ෂක කවුන්සිලයේ දී විශේෂ කරුණක් ලෙස සාකච්ඡා වී නියම ප්‍රමාණයට වඩා තුන් ගුණයකට අධික රැඳවියන් බන්ධනාගාර තුළ සිටින බවත්, ගැටීම් ඇතිවුවහොත් පාලනය කිරීම් ඉතා දුෂ්කර බව එහිදී සාකච්ඡා වූ බවද,
ඊට ප්‍රධාන හේතුව ලෙස මත් ද්‍රව්‍ය වැරදි සම්බන්ධ පුද්ගලයින්ගේ රජයේ රස පරීක්ෂක වාර්තා පමා වීම මෙම තත්වය ඇති වී තිබෙන බවටද අනාවරණය වූ බවද, එසේම රාජ්‍ය බුද්ධී සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සමීක්ෂණයක් සිදු කර එහි වාර්තාවද ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ අතර එයින් කියවුනේ සියයට 70 ක පමණ රැදවියන් මත් ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට රැඳී සිටින බවත්, එහිදී ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා යෝජනා නව ලැබ් එකක් ඔහු යටතේ ඇති බවත්, එහි සහාය අවශ්‍ය නම් රස පරීක්ෂක වෙත ලබා දිය හැකි බවත්, දන්වා සිටි බවත්, එම කාලය වන විට රාජ්‍ය බුද්ධි අංශයත් ශ්‍රී ලංකා නාවික හමුදාවත් පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයත් එක්ව මත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී ජනාධිපතිතුමා හා අනෙකුත් ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයින් තමා හටත් සුරේෂ් සලේ මහතාටත් රජයේ රස පරීක්ෂක හමුවී සාකච්ඡාවක් පැවැත්වීමට නියම කළ බවත්,
ඒ අනුව තමා විසින් රජයේ රස පරීක්ෂක ලෙස සිටි දීපකා විජේසුන්දර මහත්මිය ගෙන් සාකච්ඡාවක් ලබා ගත් අතර එය 2023.03.29 වන දින රජයේ රස පරීක්ෂක කාර්යාලයේදී පැවැත්වූ බවත්, එම සාකච්ඡාව සඳහා පොලිසිය නියෝජනය කරමින් 25 දෙනෙකු පමණ සහභාගී වූ බවත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් ගේ කරුණු ඉදිරිපත් කරමින් කොවිඩ් වසංගතයට යොමු වූ බැවින් වාර්තා ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ බවත්, නිලධාරීන් ගේ හිඟකම ස්ථාන පරීක්ෂාවන් සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති බවත්, පොලිසිය විසින් විමර්ශන අවසන් සාම්පල් ඉවත් කර ගැනීම සම්බන්ධවත් සාකච්ඡා කළ අතර පොලිසිය විසින් පරීක්ෂාව සඳහා සාම්පල් විශාල සංඛ්‍යාවක් එවා තිබුණ ද ඒවායේ බොහොමයක මත් ද්‍රව්‍ය අඩංගු නොවන බවත්, පරීක්ෂණ සඳහා රසායන ද්‍රව්‍ය සපයා ගැනීමට ඩීලර් මගින් යන වියදම් අඩු කර ගැනීමට හැකි බවත්, වගුවක් වශයෙන් සකස් කර එක් එක් කොට්ඨාසයේ නිලධාරීන් වෙත පෙන්වා දුන් බවත්, එසේම ඔවුන්ට නවීන මෘදුකාංගයක් ලබා ගැනීමට අවශ්‍යව ඇති වුවද ඇමරිකා එක්සත් ජනපදය මගින් සම්බාධක පනවා ඇති බැවින් එය විශාල බාධාවක් බැවින් විකල්පයක් ලෙස වෙනත් රටකින් එය මිලදී ගැනීමට කටයුතු කරන බවත්,
කුමන බාධා තිබුන ද උපරිමයෙන් කටයුතු කරන බව රස පරීක්ෂකතුමිය දැනුම් දුන් බවද, සාරා ජෙස්මින් සම්බන්ධ වාර්තාව ඊට සති දෙකකට පමණ පෙර අධිකරණයට යොමු කළ බව එහි දී රස පරීක්ෂකතුමිය දන්වා සිටි බවත්, එම වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නොලැබුනු බව ඔවුන් දන්වා සිටි අතර රස පරීක්ෂකතුමිය ලේඛණයක් ගෙන්වා පරීක්ෂා කර වාර්තාව අධිකරණයට යොමු කර ඇති බවත්, සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ පොසිටිව් වී ඇති බවත්, එහි පිටපතක් දිය හැකි බවත් දන්වා සාකච්ඡාව අතරතුරදී එම වාර්තාවේ පිටපතක් තමා හට ලබා දුන් අතර තමා එය ප්‍රසාද් රණසිංහ මහතාට ලබා දී එය පරීක්ෂා කර බලා කතා කරන ලෙස උපදෙස් දුන් බවත්,
ඉන් පසුව සාකච්ඡාව අවසන්ව නැවත පැමිණි පසුව ප්‍රසාද් රණසිංහ මහතා ඒ වාර්තාව නැවැරදි බවත්, දෙන්නෙක් අත්සන් කර ඇති බවත්, දන්වා සිටි බවද, පසුව මෙම සාරා ජෙස්මින් සම්බන්ධ විෂය ආරක්ෂක කවුන්සිලයේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඒ සඳහා විශේෂ අවධානයක්ද යොමු වී තිබූ බවත්, එසේම ශ්‍රී ලංකාවේ ස්ථානගතව සිටින ඉන්දියාවේ බුද්ධි අංශයේ ප්‍රධානියාද මෙම විෂය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වා සිටි බවත්, අදාළ වාර්තාව සති දෙකකට පමණ පෙර අධිකරණයට භාරදී ඇති බැවින් ද රජයේ රස පරීක්ෂකතුමිය එහි පිටපතක් ප්‍රසිද්ධියේ ප්‍රශ්ණයක් නොවන බව පවසා ලබාදුන් බැවින්ද එය විවෘත ලියවිල්ලක් ලෙස මා අදහස් කර මෙම වාර්තාව නිකුත් වීම සම්බන්ධව වහාම ජනාධිපතිතුමා හා ආරක්ෂක කවුන්සිලය දැනුවත් කළ බවත්,
ඒ අනුව මා මාධ්‍ය ප්‍රකාශක තල්දූවට කතා කර පොලිස් මාධ්‍ය කොට්ඨාසය හරහා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙස අදාළ තොරතුරු ප්‍රසාද් මහතා මගින් දැනුවත් වන ලෙස උපදෙස් දුන් බවත්,
ඉන්දියානු බුද්ධි අංශ මගින් සාරා ජෙස්මින් සම්බන්ධව තොරතුරු දැන ගැනීමට ඉතා උනන්දුවෙන් කටයුතු කළ අතර එම නිලධාරියා තමා හමු වූ සෑම අවස්ථාවක දී ම ප්‍රකාශ කළේ සාරා ජෙස්මින් සම්බන්ධව ස්ථිර තොරතුරක් නවදිල්ලිය අපේක්ෂා කරන බවද, සාරා ජෙස්මින් ජීවත්ව සිටින්නේද මිය ගොස්ද යන්න මත ඔවුන් ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බව ඔහු සෑම විටම ප්‍රකාශ කළ බවත්, අවසන් වරට ඉන්දියානු බුද්ධි නිලධාරියා තමා හමු වූ අවස්ථාවේදී “New Delhi Expect Early Reply”, ලෙස ප්‍රකාශ කළ බවත්, එයින් අදහස් වුනේ කිසියම් තානාපති නිලධාරියකු තම මවු රටේ ප්‍රධාන නගරය ලෙස හදුන්වන්නේ ඔවුන්ගේ රජය බවත්,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් සිටි නිශාන්ත සොයිසා මහතා ආරක්ෂක කවුන්සිලයට ගෙන්වූ බවත්, පුරුද්දක් වශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ මාතෘකාව කතා කරන විට සුරේෂ් සලේ මහතා සයින්දමරුදු සිද්ධියේ සාරා ජෙස්මින් සම්බන්ධව නැවත සාම්පල් ලබාගෙන ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදු කරන ලෙසට ඔහු පුරුද්දක් විදියට මතු කළ බවත්''
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත.
මූලාශ්‍ර - whatnews.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
