2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය මෙරට වේලාවෙන් අද (01) උදෑසන පැවැත්විණි.
මෙහිදී රුමේෂ් සිය දෙවන උත්සාහයේදී මීටර් 89.75ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී රන් පදක්කම මව්බිමට දිනාදීමට සමත් විය.
මෙම ජයග්‍රහණය සනිටුහන් වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනූ 6වැනි රන් පදක්කම ලෙස වන අතර, 2006 වසරේ දී බර ඉසීලීමේ ක්‍රීඩක චින්තන විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසු දිනූ එකම රන් පදක්කම ලෙසද මෙය ඉතිහාසගත වෙනවා.
මෙහිදී රුමේෂ්ට යම් තරමක හෝ අභියෝගයක් විය හැකියැයි අනුමාන කර තිබූ 2021 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ නීරාජ් චොප්රාට රිදී පදක්කමෙන් සෑහීමට සිදු විය.
මෙහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ඉන්දීය ජාතික යෂ් වීර් සිං විසිනි.
රුමේශ් ජයග්‍රහණය කළ මෙම රන් පදක්කමත් සමග මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව 2ක් දක්වා ඉහළ යන අතර,
පසුගිය බ්‍රහස්පතින්දා පැවති පැරා කවපෙත්ත විසිකිරීම (F42-44/F61-64) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
