Language Switcher

V2025

මේ මොහොතේ මිලානෝ නුවරම එක යායට ශ්වේත වර්ණව !

දශක තුනකට පසුව උතුරු ඉතාලියේ මිලානෝ නගරයට වන  දැවැන්ත හිම පතනය අළුයම 3.40 පමණ තීව්‍ර වෙමින් පවතින අතර එය මිලිමීටර් 100ත් 115ක පමණ බව කාලගුණ විද්‍යා අංශ සැල කර සිටියා.            

වර්ෂ දෙදහස් දහතුනේ 2013 මේ ආකාරයට නොවුනත් මිලිමීටර් 80ක පමණ උසට හිම පතනය සිදුවිය. කෙසේ නමුත් පාලිත Covid 19 වයිරසයේ සීඝ්‍ර ව්‍යප්තියට වර්ථමාන දේශගුණික තත්වයන් මනා පිටුවහලක් වනවාට කිසිදු සැකයක් නොමැති අතර ඊයේ දිනයේ කොරෝනා වයිරසයට එදිරිව ප්‍රති එන්නත් කිරීම ඉතාලිය රජය විසින් ආරම්භ කරන ලදී.

IMG 20201228 WA0001

IMG 20201228 WA0002

තනි ශ්වේත වර්ණයෙන් "මිහිකතේ පාරාදීසය නම් ඉතාලියේ" මිලානෝ නගරය නත්තල් සීතල සමස්ථ පරිසරයම හිම කිරමකින් වසුන් යෙදුවා සේ සොභාදමට නැවුම් එළියක් එක් කරමින් සිටී.            

සාමාන්‍යයෙන් හිම පතනය සැල වීමත් සමගම පදික මංතීරු හා තදාසන පොදු ස්ථාන, විශේෂයෙන්ම ඇවිදින ස්ථාන වල හිම පතිත වීමට පෙර දිනයේ ලුණු ඉසීමක් සිදු කරන අතර එය නගර සභා මට්ටමින් මාර්ග පුරාද ඇතිරීම සිදු කරයි.                

එයට සුවිශේෂී හේතුවක් වන්නේ පතනය වන හිම ඉතා ඉක්මනින් දියවී යාමට සැලැස්වීමයි, මන්දයත් පදික මංතීරු මතින් ඇවිද යාමේදී ලිස්සා වැටීමට ඉතා වැඩි ඉඩක් ඇති නිසාවෙනි.

IMG 20201228 WA0003

IMG 20201228 WA0004

IMG 20201228 WA0005

මෙසේ රැකියාවට යන අතරතුර හෝ යම් පුද්ගලයකු නිවසින් බැහැරව ගමන් කිරීමේ දී ඇද වැටීමකට ලක් වුව හොත් ඒ වෙනුවෙ රජයත් අදාල නගර සභා බල ප්‍රදේශයේ පාලණයත් ඊට වගකිව යුතු වේ.  

එයින් ගම්‍ය වනුයේ මානව වංශ කථාවේ මිනිස් ජීවිතයකට ලභාදී ඇති වටිනාකමයි. රජය විසින් හිම පතනය වූ විට ඉවත් කිරීමෙන් අනතුරුව ආරක්ෂාකරීව ගමන් පහසුකම් ඇති කිරීම ඔවුන් සතු වගකීමක් ලෙස හදුනාගෙන ඇති අතර බදු ගෙවන ජනතාවගේ පොදු ප්‍රවාහනය හා අනෙකුත් පහඩුකම් සියට සියයකින් දෛනික ජීවිතයට බාධාවන් නොවෙනසේ පවත්වාගෙන යෑම රජයේ වගකීම හා යුතුකමයි.

IMG 20201228 WA0006

IMG 20201228 WA0007

IMG 20201228 WA0008දියුණු රටවල හා චිරාත් කාලයක් දියුණු වෙමින් පවතින කොදෙව්වන් හි වෙනස සමාජ ප්‍රතිසංස්කරණ මගින් දිනා ගත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සීලාචාර සමාජ ක්‍රමයන් හා ඒ ප්‍රගමනයන් වෙනුවෙන් නිරන්තර අරගලයෙන් බිහිකරගත් සැබෑ ජනතාවාදී නායකයන් නිර්මාණය ගන්නා උස් මනසකින් යුතු මානව ප්‍රජාවකගේ කැපවීමයි.

IMG 20201226 WA0006සුමුදු මද්දුමආරච්චි 

ඉතාලියේ මිලානෝ සිට