ආණ්ඩුවේ ඥාති සත්කාරයේ සජබටත් අවස්ථාව !

ආණ්ඩුවේ  ඥාති සත්කාරයේ සජබටත් අවස්ථාව !

කලම්බු ටෙලිග්‍රාප්  නිව්ස් ලිංක්  එකක් එක්ක මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරිය  බුකියේ දාලා  තිබුණා  මෙන්න මෙහෙම සටහනක් !

''ඔන්න තිස්ස අත්තනයකගෙ, බන්දුල ගුණවර්ධනගෙ, මොහාන් සමරනායකගෙ බෑනාවරුන්ගේ සංගම්, දුමින්ද දිසානායකගෙ සහෝගෙ සංගමේ, හිටපු නේවි ලොක්කගෙ බෑනගෙ සංගමේ වගේ ඔක්කොටම ආස හිතෙන එකක්'

" නිව්ස් ලිංක් එක  කලම්බෝ ටෙලිග්‍රාෆ් එකේ.  කලම්බෝ ටෙලිග්‍රාෆ් කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි, ජාත්‍යන්තර වශයෙනුත් ජනප්‍රිය වෙබ් අඩවියක්.

ඒ නිසා අපිත් බැලුවා ලිංක් එකේ මොනවාද තියෙන්නේ කියලා ..

රාජපක්ශ ආණ්ඩුවේ හිතවතුන්ගේ දරුවන්ට තානාපති කාර්යාලවල ඉහළ තනතුරු ලැබීලා කියන නිව්ස් එක මේ වෙනකොට බුකියේ ලැව් ගින්නක් වගේ නැගලා යනවා..

බුකියේ තියන තොරතුරුවලට අනුව, ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පදිංචි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගගේ දියණිය පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කරලා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ දුව රන්ඩුලා ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස නිව්යෝක් බලා පිටත්ව යන්න  ඇඳුම් පවා සූදානම් කරගෙන ඉන්නේ ..

ඒ වගේම  දුමින්ද දිසානායකගේ සහෝදරයා ඒ කියන්නේ අමිල ඊ දිසනායක..

එයා පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් විදියට පත් කරලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂපාතීවාදියෙකු වන, ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රබලයෙක් ද වන මොහාන් සමරනායක ගේ දියණිය සුබෂිනි සමරනායක වියානා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් විදියට පත් කරල.

හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ තානාපති තුලාසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කරල. ඒ විතරක් නෙමෙයි, සජිත්ගේ පක්ෂේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සර් ගේ දුව.. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහල තනතුරකට පත්කරලා. 

මේ කතාවල ඇත්ත නැත්ත නම් අපි තවම හරියටම දන්නේ නැ.

විදේශ අමාත්‍යංශයත් මේ දක්වා මොකුත් කියලත්  නැ. 

කොහොමවුනත් මේ දේශපාලන සෙට් එකේ ඉන්න මේ ළමයින්ගේ සුදුසුකම් නම් ඉහලයි කියල තමයි ආරංචිය.  

මේ හුඟ දෙනෙක් ඉගෙනගෙන තියන්නෙත් පිටරටවල.

අනේ වාසනාවන්..!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න