Language Switcher

V2025

රන්ජන්ට මොකද වුනේ ? විමලවීර කියන කතාව !

වර්ථමාන පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන වනජීවී රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මංත්‍රී විමලවීර දිසානායක ජනහමුවක් අමතමින් හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මංත්‍රී රන්ජන් රාමනායක ගැන හෘදයාංගම සඳහනක් සිදුකර ඇත.

රන්ජන් රාමනායක යනු පෞද්ගලිකව ඇසුරු කල හැකි ඉතා හොද පුද්ගලයකු බවත් ඔහු කිසිවෙකුටත් පෞද්ගලිකව කිසිඳු වරදක් නොකල එහෙත් නිරන්තරයෙන් සත්‍ය කතා කරන්නෙකු බවත්ය.             

තවද රන්ජන් රාමනායක පැවසූ බොහෝ දෑ සමුපූර්ණයෙන් සත්‍ය බවත්  සමහර කරුණු අර්ධ සත්‍ය බවත් පැවසූ අමාත්‍ය විමලවීර දිසානායක වැඩිදුරටත් පැවසුයේ ජනතාව සත්‍ය පවසන පුද්ගලයාට වෛර කරමින් බොරුව වංචව දූෂණය සමාජගත කරන්නාට ඔල්වරසන් හා අත්පොලසන් දෙන බවය….            

රන්ජන් රාමනායක නම් වරද කාගේ උනත් එය වරදක් ලෙස දකින අයුක්තිය අසාධාරණය වංචා දූෂණ වෙනුවෙන් ජනතාවාදීව ඍජුව පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් නිර්භීතව අදහස් දැක්වූ මෑතකාලයේ බිහි වූ කෘතහස්ත දේශපාලකයෙකි..      

අමාත්‍ය විමලවීර දිසානායක විසින් වැඩි දුරටත් ප්‍රකාශ කලේ රන්ජන් රාමනායක විසින් සිදුකල සියලු ප්‍රකාශ සමාජයේ නොව පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී සිදුකලේ නම් ඔහුට මෙම ඉරණම අත්නොවන බවයි…. 

රන්ජන් රාමනායක යනු ඇත්ත කියන්නත් බිම ඉඳගන්නත් බිය නොවන ඍජු පෘෂ්ඨවංශික ජනතා නියෝජිතයකු බව මනාව පසක්කල පුද්ගලයකු ලෙස ජනතා ආකර්ශනය ලබමින් සිටින චරිතයකි.

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි 

මිලානෝ ඉතාලිය