ජනාධිපතිගේ රූපේ දාලා දෙන්න ගියේ ගේමක් !

ජනාධිපතිගේ රූපේ  දාලා දෙන්න ගියේ ගේමක් !

ජනාධිපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමේ තැතක් සම්බන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව වාර්තා කරන අතර එම නිවේදනය පහත දැක්වෙයි.

සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් ඊයේ (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ.

මෙම පණිවිඩය ක්ලික් කිරීමේදී covidfreeinternet.blogspot.com නම් වෙබ් අඩවියකට පිවිසීමක් සිදුවන අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන චයාරූපයක්ද දැකගැනීමට හැකිවිය.

මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීම, ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට ලක්වීම සිදුවියහැකි බව අප  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  සභාපති                                                                 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

1613119781053 1

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න