Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ආක්ෂේ කුමාර්ටත් කොරෝනා

බොලිවුඩ් සුපිරි නළු ආක්ෂේ කුමාර්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තමන්ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇති  බව සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු ප්‍රසිද්ධියට පත් කර ඇත.

‘මා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වුණා. වෛද්‍ය උපදෙස් මත මා නිරෝධායනය වී සිටිනවා. පසුගිය දිනවල මා ඇසුරු කළ සැමට කොරෝනා පරීක්ෂණවලට යොමු වෙන්නැයි මා ඉල්ලීමක් කරනවා’ යැයි 53 හැවිරිදි ආක්ෂේ පවසා ඇත.

ඉන්දියාවෙන් මේ වනවිට දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට වඩා වාර්තා වන අතර,  අද (5) වාර්තා වූ දෛනික ආසාදිතයන් ගණන 103,558 කි.

කොරෝනා ආසාදිතයන් අතින් ලොව පළමු සහ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාව සහ බ්‍රසීලයයි. ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය.