Image

ජනපති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ ප්‍රගතිය සොයා බලයි

ජනපති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ ප්‍රගතිය සොයා බලයි

ජනාධිපති අනුර කුමාර දිසානායක, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට ඊයේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සහභාගි විය.

මෙහි දී: ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දියානු රජයේ ආධාර මත වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා වරාය සංවර්ධන වැඩසටහන, කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලී ය.

ඉදිරි වසර 30ට ගැළපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන් මගී ධාරිතාව සහ කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීමේ සංවර්ධන සැලැස්ම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, වසර 2027 ඇතුළත පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත පුළුල් කිරීම, නව පර්යන්තය ඉදිකිරීම සහ ඩිපෝ ප්‍රසාරණ කටයුතු අවසන් කිරීමේ සැලසුම්ද  සාකච්ඡාවට ලක් කළේ ය.

ආයතන සතු මූල්‍ය ශක්තිය භාවිත කරමින් ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් කළමනාකරණය කළ යුතු බවත්, ජනතා බදු මුදල්වලට බරක් නොවන ලෙස රාජ්‍ය භාණ්ඩාගාරයට උපරිම දායකත්වයක් ලබා දීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා  මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

WhatsApp Image 2026 07 16 at 3.00.25 AM

WhatsApp Image 2026 07 16 at 3.00.26 AM

WhatsApp Image 2026 07 16 at 3.00.27 AM

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න