ඉර්ෆාන් ඛාන්ට හඳුනා නොගත් රෝගයක්

ඉර්ෆාන් ඛාන්ට හඳුනා නොගත් රෝගයක්

ඉන්දියානු චිත්‍රපට නළු ඉර්ෆාන් ඛාන්ට දුර්ලබ ගනයේ රෝගයක් වැළඳී ඇති බව ඔහු පවසනවා.

ඔහු තම ට්වීටර් ගිණුමේ පණිවිඩයක් තබමින් තම රසිකයන්ගෙන් ඉදිරියේදී වැඩිදුර පරීක්ෂණවලින් පසු රෝගය නිශ්චිතව පවසන බවට පොරොන්දු වී තිබේ.

51 හැවිරිදි ඛාන් මේවනවිට බොලිවුඩ් චිත්‍රපට මෙන්ම ඉංග්‍රීසි චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක රඟ පා තිබෙනවා.

ඒ අතරින් පීකු, මක්බූල්, හාසිල්, ලයිෆ් ඔෆ් ෆයි, ස්ලම්ඩෝග් මිලියනර්, දි අමේසින් ස්පයිඩර් මෑන් විශේෂ වේ.

ඉර්ෆාන් ඛාන් බොලිවුඩයේ විවිධ වර්ගයේ චරිත නිරූපනයට දක්ෂතාවය දක්වන්නෙක් ලෙස ප්‍රසිද්ධයි.

 ඉර්ෆාන් ලැබූ සම්මාන

Capture

2013 වසරේදී 'පාන් සිං ටෝමර්' හි රංගනය වෙනුවෙන් ඔහුට ඉන්දියානු ජාතික සිනමා සම්මනය හිමිවිය. එසේම එම වසරේදීම ඔහු, 'ද ලන්ච්බොක්ස්' චිත්‍රපටයේ රඟ පෑ චරිතය වෙනුවෙන් කෑන්ස් චිත්‍රපට උළෙලේ විචාරක සම්ම්නයට පාත්‍ර විය.

බොලිවුඩ් සිනමා නිර්මාණ වෙනුවෙන් සම්මාන පිදෙන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගියදා (20) මුම්බායිහිදී 63 වැනි වරටත් පැවැත්විණි. 2017 වසරේදී ප්‍රදර්ශනය කෙරුණු චිත්‍රපට ඇගැයුමට ලක් කෙරුණු මෙම සම්මාන උළෙ‍ලේදී වසරේ හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉර්ෆාන් ඛාන්වයි. “හින්දි මීඩියම්” (Hindi Medium) චිත්‍රපටයේ ඔහු සිදුකළ රංගනය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය.

video :

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න