Image

'කාවන්තිස්ස'ගේ මරණය විමර්ශනයට ජනාධිපතිගෙන් විශේෂඥ කමිටුවක්: වාර්තාව දින 30කින්!

'කාවන්තිස්ස'ගේ මරණය විමර්ශනයට ජනාධිපතිගෙන් විශේෂඥ කමිටුවක්: වාර්තාව දින 30කින්!

සියඹලන්ගමුව ප්‍රදේශයේදී සිදු වූ 'කාවන්තිස්ස' ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියළු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්‍රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන අය කටයුතු කරති.

මෙම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් කටයුතු කරයි.

'කාවන්තිස්ස' ඇතාගේ මරණය සිදු වූ ආකාරය, ඊට බලපෑ ආසන්න සහ වක්‍ර හේතු මෙන්ම, ප්‍රතිකාර කිරීමේදී යම් අතපසුවීමක් හෝ නොසැලකිලිමත්කමක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම මෙම කමිටුවේ ප්‍රධාන වගකීමකි. ඊට අමතරව, වන අලි සුබසාධනය සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටිය සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමද කමිටුවට පැවරී ඇත.

මෙම විමර්ශන සඳහා දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමටද කමිටුවට බලතල පවරා තිබේ.

දින 30ක් ඇතුළත අවසන් වාර්තාව

කාවන්තිස්ස ඇතාගේ මරණය පිළිබඳ අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි සුබසාධන මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ යෝජනා ඇතුළත් සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න