කොකේන් කිලෝග්රෑම් එකකට අධික ප්රමාණයක් ශරීරය තුළ සඟවාගෙන සහ ගිල දමා මෙරටට රැගෙන ආ ජැමෙයිකානු ජාතික මව, දියණිය, සුළු පියා ඇතුළු සිව්දෙනා ලබන නොවැම්බර් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව වැඩබලන මහේස්ත්රාත් කිංස්ලි හෙට්ටිආරච්චි අද (19) නියෝග කළේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු පසුගිය (13) වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අද (19) දින දක්වා රැඳවුම් නියෝග මත තබාගෙන ප්රශ්න කළ සැකකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
පසුගිය ඔක්තෝබර් 10 වනදා මෙම සැකකරුවන් පිරිස මෙරටට පැමිණ ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත ලද විශේෂ තොරතුරකට අනුව කොල්ලුපිටිය ප්රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක් පරීක්ෂා කිරීමේදී කොකේන් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
