තරුණ මිත්‍රත්ව පදනම සහ ලංකා මානව හිමිකම් සංවිධානය එක්ව තවත් සත්කාරයක !

තරුණ මිත්‍රත්ව පදනම සහ ලංකා මානව හිමිකම් සංවිධානය එක්ව තවත් සත්කාරයක !

තරුණ මිත්‍රත්ව පදනමේ නිළධාරින් සහ සමාජික සමාජිකාවන් සහ ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය දේශමාන්‍ය සරත් ජයන්ත පිරිස් සහ එම මැතිණිය සමඟ සියලුම දෙනා එක්ව ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙනිය නගරයේ බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා කොරෝනා රෝගින් හට උදෑසන තේ පැන් සංග්‍රහය සහ දිවා හෝජනය ලබා දිම පසුගිය 28 වනදා සිදු කරන ලදි.

එම අවස්ථාව සඳහා ඉතා සීමිත පිරිසක් සහභාගී වූයේ නිරෝධායන නීති අනුව කටයුතු කළ බැවිනි.

මෙරට පළමු කොරෝනා රැල්ල අවස්ථාවේ සිට ලංකා මානව හිමිකම් සංවිධානය විසින් ආරක්ෂක අංශ ඇතුළු පිරිස් වෙත මුහුණු ආවරණ බෙදීම , අසරණ ජනතාව වෙත ඔවුන්ගේ අවශ්‍යතා අනුව විවිධාකාරයට ආධාර සපයමින් විශාල වැඩකොටසක් ඉටුකරනු ලබයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති දේශමාන්‍ය සරත් ජයන්ත පීරිස් පවසා සිටියේ කොරෝනා රෝගීන්ගේ චිත්ත ධෛර්යය නැංවීම මෙම කටයුත්තේ අපේක්ෂාව වූ බවයි.

ඉදිරියේ තවත් මෙවැනි කටයුතු කිහිපයක්ම ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර ඇති බවත් ඔහු පැවසීය.

{gallery}nirodayana{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න