Image

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද...? - Ideas front වීඩියෝවක්

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද...? - Ideas front වීඩියෝවක්

රුසියාවේ පුටින් ව්‍යාපාරිකයින්ට පැවසුවේ 'ඔයාල බිස්නස් කරන්න; නමුත් දේශපාලනය සඳහා ආයෝජනය නොකරන්න,' යනුවෙන් බවත්,

ලංකාවේ ව්‍යාපාරිකයින්ට ද පැවසිය යුත්තේ 'ඔයාල ඔයාලගෙ ව්‍යාපාර පවත්වාගෙන යන්න; නමුත් දේශපාලනයට ආයෝජනය නොකරන්න,' යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ඩොලර් බිලියන 19ක මුදලක් හිමි ව්‍යාපාරික පෙළැන්තියක් ලංකාවේ සිටින බවත්, ලංකාව පාලනය කරන්නේ එම ව්‍යාපාරික පෙළැන්තිය බවයි. නමුත් විවෘත ආර්ථිකය හඳුන්වා දුන්: ජේ. ආර්. ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපළ මෙම ව්‍යාපාරිකයින්ගෙන් දුරස්ව කටයුතු කළ අතර චන්ද්‍රිකා කුමාරතුංග ද යම්තාක් දුරකට එලෙස කටයුතු කළ බව ද හෙතෙම සිහිපත් කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න