Language Switcher

V2025

මහින්දට leave අනුමතයි

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහට මාස 03 ක නිවාඩුවක් ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත විය.

මෙම නිවාඩුව ලබාදී ඇත්තේ විදේශගතව සිටියදී ඔහු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.

කෙසේ වෙතත් තමා ලබන 08 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණෙන බව මහින්ද සමරසිංහ පවසා ඇත.

මහින්ද සමරසිංහට නිවාඩු ලබා දීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සභානායක දිනේෂ් ගුණවර්ධන  විසිනි .