ගම්මන්පිළට ඇමතිකමක්

ගම්මන්පිළට ඇමතිකමක්

හෙට ඉර පායන තරම් විශ්වාසයකින් අග්‍රාමාත්‍යධුරය සම්බන්ධව පාර්ලිමේන්තු විශ්වාසය තහවුරු කිරීමට දැක්වූ කැපවීමට ගරු කිරීමක් විදිහට පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ මහ ලේකම්තුමාට ඇමතිකමක් දෙන්නට හිතෙන බව අගමැති රනිල් කියලා.

ඒ විශ්වාසභංග විවාදයේ ජන්ද විමසීමෙන් පසුව පාර්ලිමේන්තු ලොබියේදී හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ.

ඒ කතාවට හිටපු ජනාධිපතිවරයා බිම බලාගෙන හිනාවෙන විට අගමැතිවරයා නැවතත් 'මොකද කියන්නේ, මං එයාට ඇමතිකමක් දෙන්න ඔයා ඒක ගන්න ඉඩදෙනවද? ලොකු උදව්වක් එයා අපිට කළේ" කියලා.

මේ වෙලාවේ හිටපු ජනාධිපතිවරයා "ඔව්.ඔව්, අර අන්න අර පැත්තට ගියේ, කතා කරලා දෙන්න,. මං අකමැති නෑ. කොහොමත් අපේ අය අනිත් අයට උදව් කරන බව' කියා සිනාසී තිබෙනවා .

"මං ඇත්තට ඇහුවේ, ගම්මන්පිල මහත්තයට කියන්න කැබිනට් අමාත්‍ය ධුරයක් පිරි නමා කෘතඥතාවය පළ කරන්න ලෑස්ති වෙලා ඉන්න කියලා" කියූ අගමැතිවරයා සිනාසෙමින් එතනින් පිටත්ව ගිහින් තියනවා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න