ලොව වයස්ගතම වැසියා මියයයි

ලොව වයස්ගතම වැසියා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ජපානයේ නබි ටජිමා නමැති කාන්තාව ඊයේ (21) මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ජපානයේ නබි ටජිමා නමැති කාන්තාව ඊයේ (21) මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1900 අගෝස්තු 04 උපත ලැබූ බව කියන ඇය මියයන විට 117 වියේ පසුවූ අතර  දරු මුනුබුරු ප්‍රමාණය 160ක් පමණ වන බව සඳහන් ය.

ටජීමා ලොව ජීවත්වූ වයස්ගතම වැසියා බවට පත්ව ඇත්තේ 2017 වසරේ ජූලි මාසයේ මියගිය ජැමෙයිකානු ජාතික කාන්තාවකවූ වයලට් බ්‍රවුන් මියයාමෙන් පසුව නජිමාගේ මියයාමත් සමඟ ලොව වයස්ගතම වැසියා ලෙස ගිනිස් පොතට නම එක්කරගෙන ඇත්තේද ජපන් ජාතික කාන්තාවකි.

116 වියේ පසුවන ඇය නමින් චියෝ යොෂීඩා ය. ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස සැලකුණු මසාසෝ නොනාකා ද 112 වියේදී මෙලොවින් සමුගත් අතර ඒ මේ මස ආරම්භයේදීමය. එසේම ජපානයේ වයස 100 ඉක්මවූ පුද්ගලයන් 68000ක් පමණ වෙසෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

nabi tajima 334363

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න