ලොව පළමු ශිෂ්ණ බද්ධ සැත්කම : johns Hopkins විශ්වවිද්‍යාලයෙන්

ලොව පළමු ශිෂ්ණ බද්ධ සැත්කම : johns Hopkins විශ්වවිද්‍යාලයෙන්

මියගිය පුද්ගලයකුගේ ශිෂ්ණය, වෘෂණ පැස ඊට අයත් උදර කොටස් යොදාගෙන ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට බද්ධ කළ සැත්කමක් සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පුද්ගලයකුගේ ශිෂ්ණය, වුෂණ පැස ඊට අයත් උදර කොටස් යොදාගෙන ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුට බද්ධ කළ සැත්කමක් සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එවැනි සැත්කමක් සාර්ථකවූ ලොව පළමු අවස්ථාව මේ වන අතර එය සිදුකර ඇත්තේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර්  johns Hopkins විශ්වවිද්‍යාලයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් 11 දෙනෙකුගේ සහභාගීත්වයෙන්ය.

පසුගිය මාර්තු 26 වෙනිදා මෙම සැත්කම සිදුක්කර ඇති අතර ඒ සඳහා වෛද්‍ය කණ්ඩායමට පැය 14කට අධික කාලයක් ගතවී ඇත.

මෙම සැත්කමේදී ආචාර ධර්ම මත  වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදු නොකළ බවත් පසුගිය සඳුදා වන විට සැත්කමට බඳුන්කළ රෝගී සෙබළා පුර්ණ සුවය දක්වන නිර්ණායක පසුකළ බවද එම වෛද්‍ය කණ්ඩායම සඳහන් කර ඇත.

සැත්කමට ලක්වූ සෙබළා වසරක පමණ කාලයක් තුළ  පූර්ණ සුවය ලබනු ඇති බවද වෛද්‍ය කණ්ඩායම සඳහන් කර ඇත.

එසේම අනන්‍යතාව හෙළිනොකළ සෙබළාද සඳහන් කර ඇත්තේ පියවි සිහිය ලැබීමෙන් පසුව තමන් සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටිනු දැක විශ්මයට පත්වූ බවය.

1024

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න