එළදෙනුන්ටත් තනපටක්

එළදෙනුන්ටත් තනපටක්

කිරි එළදෙනුන්ගේ තන බුරුල්ලේ හට ගන්නා දැඩි වේදනාකාරී තත්වය මග හැරීම සඳහා පැරණි කාන්තා තනපටයක් ඇන්දවූ අවස්ථාවක් පිළිබඳ ස්කොට්ලන්තයෙන් වාර්තා විය.

එළදෙනුන්ගේ තන බුරුල්ලේ හටගන්නා එම වේදනාකාරී තත්ත්වය 'මැක්ටිටීස්' ලෙස හැඳින්වේ.

තමන්ගේ එළදෙනක් එම තත්වයට පත්ව වේදනාවට ලක්වීමෙන් වලක්වා ගැනීම සඳහා ස්කොට්ලන්තයේ ජීවත් වන ගොවි යුවලකට අයත් මෙම අපූරු අදහස පහළ වී ඇත.

ගව පැටවා කිරි උරා බොන්නේ තන බුරුල්ලේ ඉදිරි කොටසින් නම් පසුපස කොටසට කිරි එකතු වීමෙන් එළදෙනට දැඩි වේදනාවක් ගෙන දෙයි.

කිරි උරා බොන කොටස හැර අනෙක් කොටස වැසෙන සේ තනපටයක් ඇන්දවීමෙන් තන බුරුල්ලට ඇති වන පීඩනය අවම කිරීම සඳහා මෙසේ තනපටක් භාවිත කළ හැක.

ගොවි යුවලගේ තවත් මිතුරු ගොවියකු වන ඩොනල්ඩ් රොස් මේ පිළිබඳ ඡායාරූප බෙදාහැර තිබේ.

"මම කැමතියි ගොවි ජනයා සමග අලුත් අදහස් හුවමාරු කරගන්න," රොස් පැවසීය.

"මෙම ක්‍රියාවේ පොඩි හාස්‍යඋත්පාදක ස්වරූපයක්ද දකින්න පුළුවන්."

"තනපටයක් ඇන්දවීමෙන් බලාපොරොත්තු වන්නේ එළදෙන සුව පහසුව සිටීමයි. තනපටයකට භාවිත කරන රෙදි ඉතා මෘදුයි. එයට රබර් පටියක් එක්කොට එළදෙනගේ බඳ වටා සවි කරනවා," යැයි රොස් තවදුරටත් පැවසුවේය.

"තන බුරුල්ලට ඇති පීඩනය අවම කරගන්න අතින් කිරි දොවන්න පුළුවන්. හැබැයි එයින් එළදෙන තවත් පීඩනයට පත් වෙලා කිරි දොවන්න පැමිණෙන පුද්ගලයාට පහර දී තුවාල කිරීමේ අවදානමත් තිබෙනවා."බීබීසී

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න