රාජකීය මංගල්‍ය සූදානම් : රසිකයින් මාලිගය වටා වාඩිලයි

රාජකීය මංගල්‍ය සූදානම් : රසිකයින් මාලිගය වටා වාඩිලයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ සහ මේගන් මාකල්ගේ රාජකීය විවාහ උත්සවය අද (19) බ්‍රිතාන්‍යයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදි පැවැත්වීමට නියමිතව ඇත.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මේගන් මාකල්ගේ පියා විවාහයට සහභාගී නොවන බවද වාර්තා වෙයි. 

මනාලියගේ පාර්ශවයෙන් ඇය දේවස්ථානය වෙත රැගෙන ඒම බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු විසින් සිදුකිරීමට නියමිතව ඇති අතර  හැරී කුමරුගේ වැඩිමහල් සොහොයුරු විලියම් කුමරුගේ තුන් හැවිරිදි දියණිය චාලට් කුමරිය මල් කුමරියක ලෙසත් ඇයගේ වැඩිමහල් සොහොයුරු සිව් හැවිරිදි ජෝර්ජ් කුමරු මල් කුමරෙකු ලෙසත් පෙනී සිටිමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත.

එසේම මෙම විවාහ උත්සවය සඳහා කිසිඳු දේශපාලනඥයකු ට ආරාධනා කර නොමැති බවත් වින්ඩ්සර් මාලිගයේ  දී පැවැත්වෙන සාදය සඳහා ආරාධිතයින් 600 දෙනෙකු සදහා ආරධනා ලැබී තිබෙන බවද වාර්තා වන අතර සාමාන්‍ය ජනතාව අතුරින් 2000කට පමණ ද ඒ සඳහා අවස්ථාව හිමිව ඇති බව වාර්තා වෙයි.

{gallery}royal wedding{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න