පිහිනුම් ඇඳුමක් නිසා ඉන්දියානු රංගන ශිල්පිනි සායි පල්ලවී අර්බුදයක

පිහිනුම් ඇඳුමක් නිසා ඉන්දියානු රංගන ශිල්පිනි සායි පල්ලවී අර්බුදයක

ඉන්දියානු රංගන ශිල්පිනියක් වන සායි පල්ලවී (Sai Pallavi) ඇගේ සහෝදරිය වන පූජා කන්නන් සමඟ වෙරළ තීරයක නිවාඩුවක් ගත කරමින් සිටියදී ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළවීමත් සමඟ එම ඡායාරූප සම්බන්ධයෙන් ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

මෙම ඡායාරූප අතර සායි පල්ලවීගේ සහෝදරිය වන පූජා, වෙරළේ විවේක ගන්නා ආකාරය, ඔවුන් දෙදෙනාගේ සමීප සෙල්ෆි ඡායාරූප සහ සායි පල්ලවීගේ ඡායාරූප කිහිපයක් ද ඇතුළත්ව තිබුණා.

ඒ අතර සායි පල්ලවී පිහිනුම් ඇඳුමකින් සිටින ඡායාරූප කිහිපයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වෙමින් තිබෙනවා.

 

images SAI

මෙලෙස විවේචනය කරන පුද්ගලයින් සඳහන් කරන්නේ, සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී සිටින සායි පල්ලවීගේ ප්‍රතිරූපයට මෙය හානියක් බවයි.

කෙසේවෙතත්, නිතේෂ් තිවාරිගේ රාමායන චිත්‍රපටයේ සීතාගේ චරිතයට රංගනයෙන් දායක වන සායි පල්ලවී, පිහිනුම් ඇඳුම් ඇඳ සමාජ මාධ්‍යවල ඡායාරූප පළ කිරීම පිළිබඳව ඇතැම් පිරිස් දැඩි ලෙස ඇය විවේචනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම බොහෝ රසිකයන් සායි පල්ලවී හට සහය පළ කරමින් පවසන්නේ, වෙරළ තීරයක නිවාඩුවක් ගත කරමින් සිටිනා විට මෙවැනි ඇඳුමක් ඇඳීම වරදක් නොවන බවයි

මේ සම්බන්ධයෙන් සායි පල්ලවී මෙතෙක් කිසිදු අදහසක් පළ කර නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් මේ වන විට ඇයගේ සහෝදරියගේ ඉන්ස්ට්‍ර්ගෑම් පිටුවෙන් සායි පල්ලවී පිහිනුම් ඇඳුමෙන් සැරසී සිටින අදාළ ඡායාරූප සියල්ල ඉවත් කර තිබෙනවා.

(news19.lk)

Sai Pallavi trolled for wearing swimsuit, because saree girl can't be a beach babe




Actor Sai Pallavi trolled for wearing swimwear at beach, fans defend her




'Ramayana' Actress, Sai Pallavi Dons Swimsuit During Beach Vacation, Fans Defend Her Over Trolling


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න