෴අනුන්ගේ ලමයෙක්ට උප්පැන්න දෙන්නට පෙර෴
නයිජීරියානු ලේඛිකා Ngozi Okonjo-Iweala විසින් 2018 වසරේදී පොතක් ලියා පලකරනවා -Fighting Corruption Is Dangerous: The Story Behind the Headlines- යන නමින්...
රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ 2019 වසරේ නයිජීරියාවේ සංචාරයක නියැලෙනවා..
නයිජීරියාවේ Abuja නගරයේදී පැවති anti-corruption/Economic and Financial Crimes Commission (EFCC) අමතා කල දේශනයකදී පෝල් කගාමේ Okonjo-Iweala ගේ fighting corruption is dangerous නම් පොත ගැන සඳහන් කරමින් කියා සිටිනවා "you need to be writing another book, to state that ‘Not Fighting Corruption is even more Dangerous’ යනුවෙන්..
රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේගේ "Fighting Corruption Is Dangerous,‘Not Fighting Corruption is even more Dangerous" යන ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් වෙනවා..
"දූෂණයට එරෙහි සටන භයානක වුවත් ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි" යනුවෙන් පාඨයක් උපුටා දක්වමින් අනුර ජනාධිපතිතුමා පහුගියදා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කල ප්‍රකාශය එතුමාගේ ප්‍රකාශයක් නොවේ..එය රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක්..
සමහර විට ජනාධිපති අනුර පවා මේ ගැන නොදන්නවා ඇති..එතුමා හිතනවා ඇති එතුමාට කතාව ලියා දුන් කෙනා එලෙස ලියන්නට ඇති කියා..අනුර ජනාධිපතිතුමා එය දැනගෙන කියූවානම් රුවන්ඩා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් බව සඳහන් කරමින් කියුවානම් යුක්ති සහගතයි..නැතිනම් එය අමුම අමු දූෂණයක්-වංචාවක්..ලෝක සමුලුවකදී ලෝකය ඉදිරියේ එවැනි ප්‍රකාශයක් තමන් විසින් පලමු වරට කියන ලීලාවෙන් ඊට නිසි කතෘ අයිතිය ලබා නොදෙමින් කතා කිරීම ජනාධිපතිතුමාගේ පමණක් නොවේ ලංකාවේත් කීර්තියට එතරම් හොඳ නෑ..
සකල ලංකාවාසී මාලිමා පාක්ෂිකයන් මේ ප්‍රකාශය අනුර දිසානායක ජනාධිපතිතුමාගේ සුපිරි පරිකල්පන ශක්තියෙන් උපද්දවාගත් එකක් යැයි කියමින් මේ ප්‍රකාශයෙන් උද්දාමයට පත්ව සිටිනවා..
කරුණාකර ඔවුන්ව දැනුවත් කරන්න..
මේක අනුර දිසානායක මුලින්ම කිව්ව අසවල් එකක් නෙවේ..මේක පෝල් කගාමේගේ කතාවක් බව..
අනුන්ගේ දරුවන්ට උප්පැන්නය දෙන්නට හදිස්සි වෙන්න එපා..
පෝල් කගාමේට හිනා යයි...
😀
(මාලින්ද ඩයස්)
උපුටා ගැනීම - Malin De Dias ගේ ෆේස්බුක් පිටුවෙන්...