J.C.ට A.K.D. කිව්වේ මොනවාද?

J.C.ට A.K.D. කිව්වේ මොනවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායකට සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල හමුවුණා.


මෙම හමුවීම සිදුවී ඇත්තේ පසුගිය (07) වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී.

ඵදින සවස 1.30ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී භෝජනාගාරයෙන් දිවා ආහාරය ලබාගෙන ඉදිරියට පැමිණෙන විට එම ආලින්දයේදී ජේ.සී .අලවතුවල මන්ත්‍රීවරයා ද ඉදිරියට පැමිණියා.

"ඉතින් කොහොමද මන්ත්‍රීතුමා මාවතගම තත්වය"යනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විමසුවා.

"වරදක් නැහැ, ජනාධිපතිතුමා වැඩ ටික කරගෙන යනවා" එසේ ප්‍රතිචාර දක්වා ඇත්තේ ජේ.සී. අලවතුවලයි.

"මං නුවර යන ගමන් ඔබතුමාලාගේ ගෙවල් ගාවින්නේ යන්නේ. මං ගෙවල් පැත්ත බලාගෙන තමයි යන්නේ" යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

"ආ.. එහෙමද ඔබතුමා පහුගිය දවස්වල නුවර ගියානේ එතකොට එතනින් යන්න ඇති නේද?"යනුවෙන් ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කියා සිටි අවස්ථාවේදී "ඔව් "යනුවෙන් ඉතා සුහදව ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූවා.


මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවේදී මෙහි සිටියා.

ජේ. සී අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ මාවතගම, මිල්ලව , මල්ලවපිටිය යන ප්‍රදේශයේයි.


මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමේ සිට මහනුවර දක්වා යන මාර්ගයේ තුන්වෙනි කිලෝ මීටර් කණුව අසල ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙනවා.
 
 
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න