බදාදා රාත්‍රියේ ගෙදර යන ගමනේදී දිලීත් ජයවීර බෞද්ධාලෝක මාවතේ පාසැල් මිතුරෙකුගේ නිවසට ගිහිල්ලා. එතන එයා නොදන්නා තුන්දෙනෙක් ඉදලා.
"මේ මගේ මලිමාවට ඡන්දය දුන්න යහලුවෝ, ඉස්සරනම් උග්‍ර මහින්ද වාදීයෝ” මිතුරා කොක් හඬලා ඔවුන් දිලීත්ට හඳුන්වා දෙමින් කියලා. "දැන් දිලිත් කරන දේශපාලනය ගැන පැහැදීමකින් කතා කරනවා."
මේ කට්ටිය, කෑම කන ගමන් රට ගැන සංවාදයකට වැටුණා.
"මම මේ රට ගැන හැමදාම විශ්වාස කළා. මම රට පුරා යද්දී, මේ රට ඉස්සරහට අරන් යන්න අවංකව මහන්සිවෙලා වැඩකරන්න කැමති හොඳ මිනිස්සු මට ඕන තරම් හමුවනවා."
කතාබහේ හිටිය ශල්‍ය වෛද්‍යවරයෙක් කතා කළා. "ඇයි දිලිත් මේ ආන්ඩුවේ දූෂණය ගැන කතා කරන්නේ නැත්තේ ? හැමෝම ඒ ගැන කතා කරනවා."
"හොඳයි, මම තමයි ජේවීපී රටේ බිහි වෙච්ච වඩාත්ම දූෂිත පක්ෂය කියලා දිගටම කියන කෙනා," දිලීත් පිළිතුරු දුන්නා.
"මම විශ්වාස කරන්නේ නැහැ පුද්ගලයන්ට එරෙහිව චෝදනා තනි තනිව හඹා යන එකට. මම ජේවීපී හෝ අනිත් අය වගේම දේශපාලනය කළොත් මා සහ ඔවුන් අතර වෙනස මොකක්ද? දූෂණය මැඩලීමට, තව ඕන අණ පණත් සහ තාක්ෂණය ගැන මේ දවස්වල මම හදාරමින් ඉන්නවා. ඒ වගේම උපදෙස් ගන්නවා. මම කැමති මිනිස්සුන්ට යථාර්ථය පැහැදිලි කරලා මේ රට ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියලා පෙන්වන්න."
සංවාදය ඉදිරියටත් ගිගිහිල්ල, පාලනයේ විවිධ පැති සහ රටේ දිශාව ආවරණය කරමින්. නමුත් රජය එක්සත් ජාතීන්ගේ යෝජනා ව්‍යසනය හැසිරවූ ආකාරය ගැන සාකච්ඡාව හැරුණු විට දිලීත් සංවේදි වේදී වෙලා.
එතන හිටිය හිටපු යුධ හමුදාපති කෙනෙක් ගේ, අවුරුදු 33 ක, මුනුපුරෙක් කියලා, “දිලිත් අය්යා හරි, අපේ සීයා ජීවතුන් අතර නැහැ, නමුත් මට තේරෙනවා, මේකේ තියෙන භයානක කම. ගොඩාක්, රණවිරු පවුල් වල අය ඉන්නේ, කන්සසල්ලෙන් හා බයෙන්”.
නෙලුම් ගෙදර බලාගෙන ඉන්නවා. අපි ආයේ දවසක හමුවෙලා කතාකරමු, දිලිත් යන්න ඉස්සරවෙලා කියලා.