සුගත් තිලකරත්නට කඩුලු මතින් දුවන්න දීලා !

සුගත් තිලකරත්නට කඩුලු මතින් දුවන්න දීලා !

ක්‍රීඩා නියෝජ්‍ය ඇමති ධූරය දරණ ඔලිම්පික් ක්‍රීඩක හා ආසියානු පදක්කම් ලාභී ධාවන ශූර සුගත් තිලකරත්නව තමන් සහභාගි වන හා සංවිධානය කරන කිසිදු කටයුත්තකට සම්බන්ධ කර නොගැනීමේ ප්‍රතිපත්තියක් සුනිල් කුමාර ගමගේ ක්‍රීඩා ඇමතිවරයා විසින් අනුගමනය කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග වාර්තා වේ.

ක්‍රීඩා අමතිවරයාගේ පුද්ගලික ලේකම් හා මාධ්‍ය ලේකම් ක්‍රීඩා නියෝජ්‍ය ඇමති ධාවන ශූරයාට වඩා අමාත්‍යංශය තුළ ඉදිරියෙන් දුවන බව ද වැඩි දුරටත් වාර්තා වේ.

මෙම ඇමැති - නියෝජ්‍ය ඇමැති ගැටුම බොහෝ අමාත්‍යංශවල තිබුනත් මෙසේ බරපතලම සෙල්ලම වාර්තා වන්නේ ක්‍රීඩා අමාත්‍යංශයෙනි.

මේ අතර කිසිදු ක්‍රීඩා සංගම් නිලධාරියකුව ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීම අපහසුවී ඇතැයි ද කියවේ.

(විදුනෙත් සියඹලාපිටිය - ඇත්ත පුවත්පත )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න