ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්ගේ විවාහ උත්සවය අද (23) ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුපත්තූර් හි ආරුමුගම්පිල්ලේ පාරේ පිහිටි ආරුමුගම්පිල්ලේ සීතා අම්මාල් විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපත්තූර්හි සීතා ශ්‍රී නාචියාර් සමඟ මන්ත්‍රීවරයා මෙලෙස යුද දිවියට එළඹින.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද මෙම විවාහ මංගල උත්සවයට සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොණ්ඩමන්, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතපාණ්ඩි රාමේෂ්වරන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වී තිබේ.
ඉන්දියාවේ දේශපාලන, ව්‍යාපාරික සහ සිනමා ක්ෂේත්‍රවල ප්‍රභූවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
